‪#‎මම‬ අද කෑල්ල බලන්න යනවා................#

“ප්‍රේමතො ජායතී සෝකො, ප්‍රේමතො ජායති භයං” යනුවෙන් ප්‍රේමය නිසා ශෝකය හා බිය උපදවන බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටියේ. “ප්‍රේමයේ පරම ආස්වාදය තුළ කල්‍යාණ මිත්‍රත්වය, උපදේශය සහ මඟ පෙන්වීම යන සියල්ල ලැබෙන බව” තමයි මාකස් ලෝ ගේ අදහස වුනේ. ඔව්, වචන මිනිසා තරම් සියුම් නැහැ තමයි. ඇතැම් මිනිස්සු ආදරය,ප්‍රේමය හෙලා දකිනවා. එත් එහෙම ආදරය හෙලා දකින ගොඩක් අය ආදරයෙන් පැරදිච්ච අය නිසයි එයාලත් මිදී තිත්තයි කියන නරියන් ගේ ගොඩට වැටෙන්නේ. එකම කෙල්ලෙක් එක්ක ආදරය ,විවාහයේ සිට ජීවිත කාලෙම එකට ඉන්නවා කියන්නේ මැජික් එකක් නෙවෙයි. අවබෝධය, ගරු කිරීම, කල්‍යාණ මිත්‍රයත්වය, උපදේශය සහ මඟපෙන්වීම ආදරයක් තුළ තියෙන්න ඕන වගේ ම ආදරයත් හැමදාම පාන් වගේ අලුත් වෙන්න ඕනේ. එතකොටයි තමන්ගේ ආදරයත් එක්ක අවුරුදු 100ක් වුණත් ඉන්න පුළුවන්. එත් අද සමාජයේ නම් සමහර කොල්ලෝ තමන්ගේ කෙල්ලට කතා කරන්නේ, ඒකි, මේකි, අරකි, කෑල්ල, බඩුව, වයිපරේ කියලා. මේක නම් පිරිමි ළමයින් ගේ අතින් වෙන ලොකු වැරැද්දක්. 'ඇත්තටම ඇයි කෙල්ලන්ට කෑලි කියන්නෙ? සම්පූර්ණ වෙන්න කෙල්ලන්ගෙ අඩු මොනවද? පුංචි දවස්වල වැඩට ගිහින් එන තාත්තා 'මගෙ දුව කෝ' කියාගෙන ගෙට ගොඩවෙන හැටි මට හොඳට මතකයි. අම්මයි, ආච්චියි, , සීයයි වුණත් ආදරේ වැඩි කමට චූටි කෙල්ල කියලා කිව්වට කවදාවත් 'චූටි කෑල්ල' කියල නම් කතා කරලා නැහැ. අපේ තාත්තා ඒ කාලෙ අම්මට කෑල්ල කියල කිව්ව කියලා නම් මම හිතන්නේ නැහැ. කොහොම වුණත් දැන් නම් ඒගොල්ලො කෑලි කියන්නේ මාළු කෑලි, රෙදි කෑලි, දර කෑලි වගේ දේවලට. ඒත් අද කාලේ ආදර සම්බන්ධවල තියෙන ලොකුම ගැටලුව තමයි බොක්කෙන් ලව් කරන්නේ නැතිව හක්කෙන් ලව් කරන එක. එතකොට ඉතින් හක්කෙන් ලව් කරන කෙල්ල ගැන බොක්කෙන් එන ඇත්ත හැඟීමක් ඒ කොල්ලන්ට නෑනෙ. ඒ නිසා බඩුව, කෑල්ල වගේ නම් වලින් තමයි තමන්ගේ කෙල්ල වගේ තියාගෙන ඉන්න කෙල්ලට කතා කරන්නේ. බොරුවට කරන ආදරයන් වලදී මේවා පොඩි දේවල් වුණාට ඇත්ත ආදරයකට මේ දේවල්ගොඩක් වටිනවා. ඒ නිසා තමන්ගේ අදරවන්තියට ආදරණීය වචනයකින් කතා කරන එක මානසිකව ඒ සම්බන්ධය ශක්තිමත් වෙන්න ගොඩක් ඉවහල් වෙනවා . කෑල්ල, බඩුව වගේ නම්වලින් තමන් ඇත්තටම ආදරය කරන ගැහැණු ළමයා ට අමතන්න එක ඇයට කරන පහත් අවනම්බුවක්. සමාජයේ සමහර ගැහැණු ඉන්නවා, කෑල්ල, බඩුව කියන නම් ගැළපෙන .නමුත් අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන විදියෙ වචනවලින් තමන්ගේ අදරවන්තියට ඒ නම් වලින් ඇමතීම ලොකු වැරද්දක්. ගැහැණු ළමයින් ව ලොකු අයට කෑලි නොවෙන්නත් කොල්ලන්ට කෑලි වෙන්නත් සමාජයේ යම් යම් හේතු ඇති. නමුත් සැබෑ අදරයකදී යාළුවො කොහොම වුණත් කොල්ලෙක් කවදාවත් තමන්ගෙ කෙල්ලට 'කෑල්ල' කියන්නෙ නෑ කියලා මම දැන ගත්තෙ කැම්පස් එකේ ඇත්තටම ආදරය කරන මගේ අතිජාත මිතුරන්ගෙන්.

posted under | 6 Comments
Newer Posts Older Posts Home
2015 Copyright. Powered by Blogger.

Blog Archive

Popular Posts

    Total Pageviews

    Followers

    Translate


Recent Comments