ආත්තම්මාගේ දේශපාලන මතකය ..................
උපන්දිනය:- 1933 මාර්තු 30
වයස:- 82
ගම:- මාතර නයිමන
මාතර නයිමන, උග්ගල්බැවුල ගමගේ කරෝලිස් අප්පුහාමිගේ සහ අතපත්තු කොරප්පුගේ ජාසි හාම්නේ යන අයගේ පි‍්‍රය ජෙයෂ්ඨ දියණියක වු උග්ගල්බැවුල ගමගේ දයාවත’ අත්තම්මා 1933 මාර්තු 30 වනදා උපත ලැබීය. දැනට 82 වියැති දයාවත’ අත්තම්මාගේ පවුලේ වැඩිමහල් සහොදරයන් දෙදෙනෙක්, වැඩිමහල් සහෝදරියක් සහ බාල නැගණිවරු දෙදෙනෙක් වුහ. දිසානායක අප්පුහාමිලාගේ දොන් ආරියදාස දිසානායක මහතා ඇයගේ පි‍්‍රය ස්වාමිපුරුෂයා විය. බෞද්ධාගමික, ගොවිගම කුලයේ උපන ඇය සතු අධ්‍යාපනික දැනුම, සමාජ, දේශපාලනික දැනුම හා වයසත් සමඟ ඇය ලද අත්දැකීම් සමුදාය අති විශාලය. දයාවතී අත්තම්මා සිය දේශපාලන මතකයේ අතීතය ස්මරණය කිරීමට එක්වුයේ ළෙන්ගතුවය.දයාවතී අත්තම්මා පොතපතින්ද ,සිය ජීවිත අත්දැකීමෙන්ද පරිණත වුව ද පෙනුම නම් 82 වැනි වියට සාපේක්ෂව වියපත් නොවීය. මතකයෙන් ද, ජවයෙන් ද, සුන්දරත්වයෙන් ද පරිපුන් ඇය තම අත’ත දේශපාලන මතකය අවදි කළේ මෙසේ ය.
අපි පුංචි කාලේ මිනිසුන්ට ඡුන්දය ගැන වැඩි අවබොධයක් තිබුණේ නැහැ. එ් කාලේ දැන් වාගේ බලයට ලෝභ නායකයෝ හිටියෙත් නැහැ. 1956 ඡුන්දයේ දි තමයි මට මුලින් ම ඡුන්ද කාඞ් එක ලැබෙන්නේ. එ් කාලේ දැන් වගේ අවුරුද්දෙන් අවුරුද්දට ඡුන්ද නැහැගඑ් නිසා ඡුන්දය පත‍්‍රයේ අපේ නම් ලියාපදිංචි වෙලා, ඡුන්දය දෙන්න අවස්ථාව ලැබෙන්නේ එ්කට අවශ්‍ය හරි වයස පහුවෙලා ගොඩක් කාලයක් ගියාට පස්සෙයි.
1956 දී අපේ අයියට මඩකලපුව, මාන්තිව් දුපතේ රෝහල් සහයක හැටියට පත්වීමක්ලැබෙනවාගඑ් නිසා මට මගේ පළමු ඡුන්දය 1956 දී පාවිච්චි කරන්න ලැබෙන්නේ නැහැ. එ් වෙනකොට මම කසාද බැඳලා නෙවෙයි හිටියේ. එත් මම ඡුන්දය ගැනවිස්තර පත්තරවලින් කියවලා දැන ගන්නවා. 56 ඡුන්දෙන් බණ්ඩාරනායක මහත්තයා දිනනවාග ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් පිහිටුවා ගන්නවා. නමුත් 1959 සැප්තැම්බර් 20 බණ්ඩාරනායක මහත්තයා මිය යනවා.1956 ඡුන්දයේ දී මම මඩකලපු නොගියා නම් ඡුන්දය දෙන්නේ බණ්ඩාරනායක මහතයටග
1965 ඡුන්දය දි මම මගේ පළමු ඡුන්දය දුන්නේඩඞ්ලි සේනානායක මහත්තයට. අපේ අම්මා දුන්නෙත් ඩඞ්ලි සේනානායක මහත්තයට. අපේ තාත්තා රියදුරෙක්. එයාලා වැඩකරන මිනිස්සු නිසා ඡුන්දය දුන්නේ කම්කරු පක්ෂයේ ගුණසිංහ මහත්තයට.
1969 වෙනකොට මම විවහා වෙලයි හිටියේ. අපේ මහත්තයා වැඩ කළෙත් රොහලේ ම තමයි. 69 දි අපේ මහත්තයට අත්තනගල්ලට මාරු වීමක් ලැබෙනවා. එ් අනුව අපි බදුල්ලේ ඉදලා අත්තනගල්ලට එනවා. අපි ඡුන්දය දෙන්න බදුල්ලට අයත් ඡුන්ද නාම ලේඛනවල ලියාපදිංචි වෙලා හිටිය නිසාත්, පොඞ් අයව අත්තනගල්ලේ දාලා බදුල්ලට යන්න බැරි නිසාල1970 ඡුන්දයේ දීමට මගේ ඡුන්දය පාවිච්චි කරන්න හැකි වෙන්නේ නැහැ. නමුත් හොරගොල්ල කියන්නේ බණ්ඩාරනායක මහත්තයාගේ ගම නිසා අපි ඡුන්ද උණුසුම නම් හොඳට දැක්කා.
1970 ඡුන්දෙන් සිරිමාවෝ මැතිණිය තමයි දිනන්නේ. ඩඞ්ලි සේනානායක මහත්තයා හාල් සේරුවක් නොමිලේ දෙනකොට, මැතිණිය කිවුවා හාල් සේරු දෙකක් නිකන් දෙනවා කියලා. ඔය විරුද්ධ පක්ෂවලින් එහෙම මැතිණිගෙන් අහනකොට කොහොමද එහෙම දෙන්නේ කියලා, අපි හදෙන් හරි ගෙනල්ලා දෙනව කියල තමයි එ් කාලේ කිවුවේ. ”සුදු අම්මා ළග එනවා, හාල් සේරු දෙක දෙනව”කියලා මිනිස්සු එ් කාලේ කවිත් හදල තිබ්බා
මැතිණිගේ කාලේතමයිහැමදේම ජනසතු කළේ. ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටෙවුවේ ඔය කාලේගඑ් වාගේ හොඳ වැඩත් මැතිණිය කළා. නමුත් දේශපාලන නායකයන් කිසි කෙනෙක් රටට අලූතින් දේවල් කළා ගොඩක් අඩුයි. සුද්දන්ගේ කාලේ තිබ්බ දේවල් ම වැඩිදියුණු කිරීම තමයි ගොඩක් කළේ. නමුත් ඩඞ්ලි සේනානායක මහත්තයලට දැන් වගේ බලයට කෑදරකම් නම් තිබුනේ නැහැ. බලය තියාගන්න වතුපිටි විකුණලා දේශපාලනය කළා මිසක, දැන් ඉන්න අය වගේ තෘෂ්ණාවට දේශපලනය නම් කළේ නැහැ.
එ් කාලේ පත්තර එහෙම නිතරම මම කියවනවා. බණ්ඩාරනායක මහත්තය දිනපු දවසේ පත්තරේ එයාලගේ පවුලේ අයඑකට ඉදගෙන කිරිබත් කන පින්තුර එහෙම මට හොඳට මතකයි.
සිරිමාවෝ මැතිණිය දිනුවට පස්සේ ඩඞ්ලි සේනානායක මහත්තයා විපක්ෂ නායක බවට පත්වෙනවා. ජේ.ආර්. මහත්තයට විපක්ෂ නායකකම දිලා ඩඞ්ලි සේනානායක මහත්තය පක්ෂයෙන් අයින් වෙනවා.ඉන් ටික කාලෙකට පස්සේ ඩඞ්ලි සේනානායක මහත්තය මිය යනවා.ඩඩිලි සේනානායක මහත්තයාගේ මරණයට වගේ ජනකායක් වෙන කිසිම දේශපාලන නායකයෙකුගේ මරණයක දි නොහිටින්න ඇති. මමත් අපේ අම්මයි, නංගියි එක්ක පරණ පර්ලිමේන්තුවේ තියලා තිබ්බ ඩඞ්ලි සේනානායක මහත්තයාගේ මරණය දැකබලා ගන්න ගියා. එතුමන්ලා හොඳ නිවිච්ච මිනිස්සු. ඩඞ්ලි සේනානායක මහත්තයගෙන් බලහත්කාරයෙන් වගේ තමයි ජේ.අර් විපක්ෂ නායකකම ගත්තේ.
ඩඞ්ලි සේනානායක මහත්තයාගේ කාලේ දිණමිණ පත්තරේ තිබුණා තරඟයක්ල ආසන එන ගණන ගනන් කරලා දාන්න. මමත් එ් තරඟයට ඉදිරිපත් වෙලා 67 කියලා උත්තරය යැවුවත්, 70 යවපු ළමයෙකුට එ් කාලේ දිනුම ලැබුණා.
71 දී කැරැුල්ලක් ඇතිවෙනවා. ශි‍්‍ර ලංකා ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැහුවා කියලා ඔය කාලේ විජේවීරට එරෙහිව චෝදනා කරනවා. නමුත් විජේවීර කියා හිටියේල ඉංගී‍්‍රසින්ගේ ලංකා ආණ්ඩුවට එරෙහිවයි අපි කැරලි ගැහුවේ කියලා. එ් කියන්නේ එ් වෙනකොටත් ලංකාව ඉංගී‍්‍රසීන්ගේ අතකොලූවක් වෙලා තමයි හිටියේ.
එ් කාලෙත් දැන් වගේ පක්ෂ දේශපාලනයක් තමයි තිබුනේ. එක්සත් ජාතික පක්ෂයේ ලකුණ වුණේ දැන් වගේම අලියා තමයි. පොදු පෙරමුණේ ලකුණ වුණේ අත, කොමියුනිට්ස් පක්ෂයේ ලකුණ දෑකැත්ත, පිලිප් ගුණවර්ධන මහත්තයගේ කම්කරු පක්ෂයේ ලකුණ වුණේ යතුර, පීටර් කෙනමන්, රොබට් ගුණවර්ධන මහත්තයලා එහෙම හිටිය සමසමාජ පක්ෂයෙන් තමයි අඳ ගොවි පනත ගේන්නේ.
ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ඔය කාලේ සේනක බිබිලේ විසින් අරගෙන එනවා.නමුත් මැතිණිය එ්ක කි‍්‍රයාත්මක කරන්න ඉඩ දෙන්නෙ නැහැ. පස්සේ සේනක බිබිලේ මහත්තයා ලංකාව ගැන කලකිරිලා බංගලාදේශයට යනවා. තාමත් එ් පනත ලංකාවේ කි‍්‍රයාත්මක කලේ නැහැ. සෝම හාමුදුරුවන්ව මැරුවා වගේ සේනක බිබිලේ මහත්තයවත් හොර රහසේ මරලා දානවා.
මැතිණිගේ කාලේ අපි හොඳට වගා කළා. දෙවන ලෝක යුද්දේ කාලේ දී දුන්න හාල් පොත් ඔය කලෙත් තුබුණා. පාන් පෝලිම්, රෙදි පෝලිම් වගේ හැමදෙයකටම පෝලිම් තිබුණා. චීත්ත ගවුම් තමයි එ් කාලේ කොහෙටත් අපි ඇන්දේ. මැතිණිගේ ක‍්‍රමයට අපි කැමති. එ් ක‍්‍රමය අද වෙනකල් තිබුණානම් රට මේ තරම් ණය වෙන්නේ නැහැ. එන්.එම් පෙරේරලාගේ කාලේ සල්ලි තිබුණ අයගෙන් තමයි සල්ලි ගත්තෙත්. මේ ක‍්‍රමය හොඳ වුණාට හැමෝටම එ්ක එක විදිහට බලපෑවේ නැහැ. අපි හාල් පෝලිමේ ඉන්නකොට අනිත් බලතලලත් පිරිස් කිසි කරදරයක් නැතුව ජීවිතේ ගෙන ගියා. සමුපාකාර කාර්ඞ් එකට තමයි බඩු දුන්නේ. සමහර පිරිස් ඔය කාර්ඞ් එක විකුණපු අවස්ථාත් තිබුණා. අපිට කොළඹ වුණත් චීත්ත ගවුම ඇදලා, රබර් සෙරෙප්පු දෙක දමලා යන්න පුලූවන් අල්පේච්ඡු, සරල ජීවිතයකුත් ඔය කියන කාලේ අපිට තිබුණා. ආණ්ඩුවේ රෝහලෙන් බෙහෙත් ගන්න ඕනෙත් සත 25ක් දීලා.එත් එ් ක‍්‍රමය වැඩි කාලයක් තිබුණෙ නැහැ.
56 බණ්ඩාරනායක මහත්තයා රටේ ප‍්‍රධාන භාෂාව සිංහල භාෂාව කළා. ඔකත් එක්ක ඇතිවෙන කෝලාහාල නිසා තමයි අපි මඩකලපුවෙන් බදුල්ලට එන්නේ. ඔය කාලේ තමයි වාහනවල ශ්‍රී අකුරට තාර ගාලා එහෙම එවන්නේ. සිංහල මිනිස්සු එක්ක විරුද්ධ වෙලා සෙල්වනායකම්, පොන්නම්බලම් මහත්තයලා වෙන ම පක්ෂයක් පිහිටුවා ගන්නවා. ඉංගී‍්‍රසින් අපේ රටට නිදහස දෙනකොට ජාතිවාදී ලෙස සිංහල- දෙමළ, උඩරට- පහතරට කියලා මිනිසුන්ගේ මනසවලූත් බෙදලා තමයි ගියේ. තේසවලාමේ නීතිය එහෙම ගෙන්නෙත් ඔය සුද්දෝ තමයි. සිංහල මිනිස්සු එක්ක අමනාප වුණ දෙමළ මිනිස්සු 50:50 ක් මුල් කාලයේ දි ආණ්ඩුවලින් ඉල්ලලා හිටියා. පස්සේ ප‍්‍රභාකරන්ගේ කාලේ වෙනකොට 1:1 ක් ලෙස, එ් කියන්නේ මුලූ රටක්ම ඉල්ලන විදිහට එ්ක දුරදිග ගියා.
අපේ තරුණ කාලේ ලංකාවේ කුල භේදය ලොකුවට තිබුණා. එ් කාලේ අඩු කුලයක කෙනෙක් බැන්දොත් පවුලෙන් අයින් කරලා දානවා. අපේ මාතර ගෙදරට ඉස්සර පුංචෝ කියලා රෙදි හෝදන මනුස්සයෙක් එනවා. ඔය මනුස්සයට බොන්න, කන්න වෙනම කෝප්පයක්, පිගානක් එහෙමත් තිබුණා. අපේ පිගන්,කෝප්ප,පුටු පාවිච්චි කරන්න දෙන්නේ නැහැ එ් අයට. අපේ තාත්තත් කුලමල තියාගෙන හිටියේ ඔ`ථව උඩ. මම බදිනකොටත් එයාලා කුලය ගැන ගොඩක් හෙවුවා. අපි දෙන්නා ව්වාහ වුණේ යා`ථ වෙලා. ඔයාලගේ සීයා ලමගේ හොදම යා`ථවගේ අයියා.
1977 අපි අත්තනගල්ලෙන් කොළඹට එනවා. මට එ් වෙනකොට ළමයි 05ක් ඉන්නවා. දුවලා දෙන්නයි, පුතාලා තුන්දෙනයි. 1977 තමයිවිවෘත අර්ථිකය එන්නේ. එ් වෙනකොට කන බොන ගැටලූ විශාල වශයෙන් තිබිණ නිසාල යුගඑන්ගපී පක්ෂය එනවට කැමති වුණා. අපි 1977 පස්සේ තමයි සැමන් ටින් එක ඉස්සෙල්ලාම දැක්කෙත්. එ් අනුව 1977 දී ජේ.අර් ජයවර්ධන මහත්තයට තමයි ජන්දේ ලබා දුන්නේ.
අපේ ලොකු පුතා එයාගේ පළමු ජන්දය පාවිච්චි කළේ විජේවීරට. එයා විජේවීරලාගේ පංතිවලටත් සහභාගී වුණා. අපේ ළමයි එයාලා කැමති විදිහට තමයි ජන්දේ දුන්නේ. එයාලා හැම පක්ෂයකටම ජන්දය දීලා තියෙනවා. අපි ළමයින්ට බලපෑම් කළේ නැහැ. 2005 දී මහින්ද මහත්තයටත් අපි ඡුන්දය දුන්නා. එ් දුන්නේ ජේ.වී.පී. එක අපිට කියපු නිසා. යුද්ධය නතර කරපු එක හොඳ දෙයක්. නමුත් සරත් ෆොන්සේකා මහත්තයට තමයි එ්කේ ගෞරවයහිමි වෙන්න ඕනේ.
සුනාමි ආපු වේලාවේ සුනාමි සහන මණ්ඩලය ජනපති චන්ද්‍ර‘කා පිහිටුවනවා.එ් වේලාවේ ජේ.වී.පී ය මහින්දට කතා කරනවා මේකට විරුද්ධව වැඩ කරන්න.නමුත් මහින්ද කරන්නේ නිහඬව ඉන්නඑක. එ් වේලාවේ මහින්දට ඕන වෙන්නේ තමන්ගේ අගමැතිකම රැුක ගන්න විතරයි. ජේ.වී.පී ය සුනාමි සහන මණ්ඩලයට විරුද්ධව නඩු දානවා.මුදල් බලතල,පොලිස් බලතල, ඉඩම් බලතල හිමිවෙනවා කියන්නේ බොහොම බරපතල දෙයක්.
මහින්දට යුද්ධයක් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. ජේ.වී.පී එකේ ඉල්ලීම් මත තමයි මාවිල්ලාරු
සොරොව්ව අරින්නේ.
එල්.ටී.ටී.ඊ එකේ ප‍්‍රභාකරන් සාම සාකච්ඡුාවලට එනකොට නිමල් සිරිපාල ද සිල්වලා පුටුවලින් නැඟිටිනවා. මහින්දට බැරි වුණා තිබුණ තත්ත්වයන්ට අනුව යුද්ධය නොකර ආපසු හැරෙන්න. ඔය හෙල්පින් හම්බන්තොට වගේ දේවල් එන්නේත් ඔය කාලේ තමයි. කුමන ආකාරයකින් හරි මහින්දගේ ආණ්ඩුව පෙරලූනොත් වෙනත් කවර ජනාධිපතිකෙනෙකුට නොතිබු බැනුම්, චෝදනා මහින්දට තියේවි. මහින්දව ජනාධිපති කරන්න ජේ.වී.පී එක, මංගල, ශ්‍රීපති විශාල වැඩ කොටසක් කළා.නමුත් එ් පක්ෂ, මිනිස්සු පස්සේ නොසලකා හැරීම තමයි වුණේ.
ජේ.වී.පේ ට එ් කාලේ ගම තුල විශාල තැනක් තිබුණා.ගමේ අසාධාරණ වුණාම ජේ.වී.පේ. එ්ක හරි ගස්සලා දෙනවා.
1977 කැරැුල්ලේ දී මැතිණිගේ කෙනෙක් වුණ දෝරේඅප්පාවලඑල්.ටී.ටී.ඊඑකෙන් ඉස්සෙල්ලාම මරනවා. එ් අනුව 1977 ජාතිවාදී කෝලහාල පටන් ගන්නවා. දෙමළ මිනිස්සුන්ව කොළඹින් පිටත් කරනවා. අපේ නංගිලාටත් එ් කාලේ දෙමළ මිනිස්සු දාලා ගිය ගෙවල් හම්බවුණා. එ් කාලේ වෙනකොට ජේ.ආර් තමයි ජනාධිපති වෙලා හිටියේ.අගමැති වුණේ රණසිංහ පේ‍්‍රමදාස.
ඔය කලේ යාපනය පුස්තකාලය ගිනි තියනවා. දැනුම් ගබඩාවක් එ්ක. අපි ගොඩක් දුක් වුණා යපනය පුස්තකාලය ගිනිගත්ත බව දැනගත්තාම.
1982 ජනමත විචාරණයක් තියෙනවා මහමැතිවරණයක් ඕනෙද?, එපාද?කියලා. කලගෙඩිය- ඕනේ, ලාම්පුව-එපා කියල තමයි ලකුණු දීලා තිබුණේ. ගොඩක් අය දුන්නේ කලගෙඩියට.නමුත් දිනුවේ ලාම්පුව.එ්ක සාධාරණ මැතිවරණයක් වුණේ නැහැ. එ් කාලේ දැන් වගේ ඡුන්දේ දාන්න හැදුනුම්පත් බලන්නේ නැහැ. නම තිබුණම ඇති.එ්කනිසා හරියට හොර ඡුන්ද දැම්මා.
1983 ක`ථ ජුලිය ඇති වෙනවා. එ් වන විටත් ජේ.අර් තමයි ජනපති. කොළඹ හිටිය ගොඩක් දෙමළ මිනිස්සුන්ගේ දේපළ විනාශ වෙනවා. ජුලි කලබල කාලේ අපි හිටියේ කොලොන්නාවේ. හතරේ කණුවේ තිබුණ ආර්ගඑන්ගබී තෙල් මෝල, අලියා ගිනිපෙට්ටි කර්මන්තයට මිනිස්සු ගිනි තියනවා. වාහන නතර කර කර දෙමළ මිනිස්සු ඉන්නවද බලනවා. ආර්ගඑන්ගබීග තෙල් මෝල අයිති වෙලා තිබුණේ පුලිගම් කියලා දෙමළ මුදලාලි කෙනෙකුට. පාරපුරා තෙල් විසිවෙලා. අඩිය තියන්න බැහැ. මිනිස්සු තෙල් මෝලෙන් තෙල් අරගෙන යනවා. මමත් මගේ ඇස් දෙකටම දැක්කා දෙමළ මනුස්සයෙකුගේ කකුලක් සිංහල මනුස්සයෙක් කඩනවා.
පෑලියගොඩ පැත්තේ දෙමළ මිනිස්සු ගොඩක් හිටියා.අපේ ගෙවල් ළඟත් දෙමළ පවුලක් හිටියා. එයාලටත් සිංහල මිනිස්සු ගැහුවා. එයාලා පස්සේ ඉන්දියාවට ගියා. තව ලොකු කීර කොටුවක් තිබුණා.එ්කෙත් දෙමළ මිනිස්සු හිටියා. කීර කොටුවට ගිනි තියල 1983 දී එ් අයව එතනින් යැවුවා. අද එතන තමයි නවලෝක කී‍්‍රඩාංගනය තියෙන්නේ. ගොඩක් දෙමළ මිනිස්සුන්ව කදවුරුවලට යැවුවා. සිරිමා ශාස්ත’්‍රය ගිවිසුමක් ආවා
ඔය කාලේ මේ ගැටුම්වලට විසදුමක් ලෙස. නමුත් එ්ක අසාර්ථක වුණා.
88-89 කාලයේ දී ජේ.ආර් විසින් ජේ.වී.පෙ එක තහනම් කරනවා. සමගි ගිවිසුම මඟින් තහනම් කළ අනෙක් පක්ෂවල තහනම ඉවත් කළත්, ජේ.වී.පෙ තහනම ඉවත් කළේ නැහැ. එ්ක නිසා ජේ.වී.පෙ. ගොඩක් දරුණු වෙනවා. විශාල වශයෙන් කලබල ඇති වෙනවාග මිනිස්සු තමන්ගේ තරහාකාරයෝ ජේ.වී.පෙ. පිට දාලා මරනවා. අමරසිරි කියලා ශ්‍රී ලංකා මන්ත’්‍රකෙනෙක්ගේ බිරිඳවත් ඔය විදිහට ජේ.වී.පෙ. පිට දාලා මරනවාගට‍්‍රාන්ස්ෆෝ්මර්, සිනමා ශාලා, බස් ගොඩක් ගිනි තියනවා. ජේ.වී.පෙ. ට ඉස්සර මිනිස්සු කියන්නේ පුංචි ආණ්ඩුව කියලා. එ්යාලා තමන්ගේම කි‍්‍රයාවලින් එ් තිබුණ ජනපි‍්‍රයත්වය නැති කර ගත්තා. තාමත් එයාලට එ් තිබුණ ජනපි‍්‍රයත්වය නම් ලැබුණේ නැහැ.
1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් පළාත් සභා පිහිටෙවුවා. 1988 දී පේ‍්‍රමදාස මහත්තයා ජනපති වෙනවා. නමුත් මම මගේ ඡුන්දය අවලංගු කළා.අපේ ගෙදර කවුරුත් ඡුන්දේ දැම්මේ නැහැ. අපිට හිතුණා එ් වෙනකොට යු.එන්.පී එකට දීලා වැඩකුත් නැහැ කියලා. එයාල ගෙනගිය පාලනය මිනිස්සුන්ට එපා වෙලයි තිබුණේ. එ් අනුව 1988 ජනපතිවරණයේදී අවලංගු ජන්ද විශාල ප‍්‍රමාණයක් වැටෙනවා. ටීවි එකෙන් අවලංගු ඡුන්ද කියන එක නැවැත්තුවා.
1988 දී ජනපති ජයවර්ධන හා රජිව් ගාන්ධි අතර ඉන්දු ලංකා ගිවිසුම ඇති වුණා. 13 වන සංශෝධනය එන්නෙත් ඔය කාලේ. නමුත් ප‍්‍රභාකරන් ඔය කිසිදෙයකට අවනත වෙන්නේ නැහැ. 1987 දී හබරණ බස් එකකට ගහාලා මිනිස්සු 100 කට වැඩි ප‍්‍රමාණයක් මරලා එල්.ටී.ටී.ඊ එක යුද්ධ ප‍්‍රකාශ කරනවා. කොටිකාවත්තේ සද්දාතිස්ස හමුදුරුවෝ, අරන්තලාවේ හමුදුරුවෝ ඔක්කොම මරන්නේ එල්.ටී.ටී.ඊ එකෙන්. විශාල අපරාධ වුණා. මිනිස්සු බයෙන් හිටියේ.
ඔය කාලේ වෙනකොටත් අපේ ලොකු පුතා ජේ.වී.පෙ එකට වැඩ කළා. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ක`ථ කොඩි දාන්න කියලා ජේ.වී.පෙ කිවුවම අපේ ලොකු දුවල ගේ ඉස්සරහා ක`ථ කොඞ්ත් දැම්මා.අපේ මහත්තය එ්කට විරුද්ධ වෙනකොට දුව කිව්වා, ක`ථ කොඩිය දාන්න නොදුන්නොත් ගෙදරින් යනවා කියලා. අපේ ගමෙන් අපේ ගෙදර විතරයි කලූකොඩිය දාලා තිබුණේ.
1994 ඡන්දයෙන් චන්ද්‍රකා ජනාධිපතිනිය ජය ගන්නවා.ජනවාර්ගික අර්බුධයට තිරසාර විසදුමක් යන්න තමයි චන්ද්‍ර‘කා මැතිණියගේ ඡුන්ද පාඨය වුණේ. මම ඡුන්දේ දුන්නෙත් ඇයටම තමයි.
මම පාසල් ගියේ මුලින්ම නුගේගොඩ සංඝමිත්තා ව්ද්‍යාලයට. පස්සේ මියුසියස් පාසලට තමයි ගියේ. සිථමිණ හිටපු කතෘ විමලසිරි පෙරේරා මහත්තයාගේ පුංචි අම්මා වුණ මිසිස් අත්තනායක තමයි අපේ පාසලේ විදුහල්පතිනිය වුණේ. පාසලේ මම ඉගෙන ගන්න කාලේ අමරදේවගේ නෝනා විමලා ගුණරත්න, හඳමාමා නාට්‍ය කරපු සුමනා ජයතිලක මගේ පාසල් කාලේ මිතුරියන්. මහාබෝධි දහම් පාසලේ ඉගෙන ගන්නා කාලේ කරුණාරත්න අබේරත්නගේ මල්ලි මගේ මිතුරෙක්. මට පවුල් සෞඛය සේවිකාවක් ලෙස රැුකියාව ලැබෙනවා. විවාහවෙලා දෙමටගොඩ මහත්තයගේ මහගෙදරට තමයි යන්නේ. මහත්තයත් රෝහලේ වැඩ කළේ. බදුල්ල, නිට්ටඹුව, වැලිසර යන තැන්වල මම හිටියා.
1999 නැවතත් ජනාධිපතිවරණයක් පැවැත්තුවා. එ් මැතිවරණයේ දීත් ඡුන්දය දුන්නේ ජනපතිනි චන්ද්‍ර‘කා ට තමයි. ඇයගේ ඇහැට බෝම්බ වැදිලා තුවාල වීමත් සමඟ, ඇය දුන්න පොරොන්දු ඉටු කරයි කියන විශ්වාසය මත තමයිල නැවත ඡුන්දය ලබා දුන්නේ. නමුත් ජනපතිනි චන්ද්‍ර‘කාව මිනිස්සුන්ට එපා වුණා. ඇය කියන දේ නොකරපු තවත් එක ජනාධිපතිවරයෙක් වුණා
2001 මහාමැතිවරණයෙන් රනිල් මහත්තයා ආවා. ඔහු අගමැති වුණා. නමුත් මම ඡුන්දය දුන්නේ ජේ.වී.පෙ. පක්ෂයට. රනිල්ගේ විහිලූ ප‍්‍රතිපත්තිවලට අපි කැමති වුණේ නැහැ.
පසුව 2004 දී ජනපතිනිය වු චන්ද්‍ර‘කා තමන්ගේ බලතල මත අමාත්‍යාංශ පවරා ගන්නවා. රනිල්ගේ ආණ්ඩුව විසුරුවනවා. චන්ද්‍ර‘කා මැතිණිය අවුරුද්දකට කලින් දිවුරුම් දුන්න නිසා, අවුරුද්දකට පෙර ඇයට ආණ්ඩුවෙන් ඉවත්වන්න සිදු වෙනවා.
2005 ජේ.වී.පෙ එක්ක සන්ධාන ගහලා, පොදු පෙරමුණේ එවකට අගමැති වුණ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනපති වෙනවා. ජේ.වී.පෙ ඉල්ලීම මත, මහින්ද ගැන විශ්වාස තියලා, යුද්ධය නතර කිරීමේ බලාපොරොත්තුව මත මම ඇතු`ථ අපේ පවුලම මහින්ද මහත්තයට ඡුන්දය ලබා දෙනවා. 2005 සිට 2010 දක්වා ඔහු සිය ජනපති ධුරයේ සිටිනවා. 2005 පසු පැවැත්තු ඡුන්දවලදී ජේ.වී.පෙ ට තමයි මම මගේ ඡුන්දය ලබා දුන්නේගමට හිතෙන විදිහට ඔහු ගෙන යන්නෙත් බල ලෝභී දේශපාලනයක්. ඩඞ්ලි සේනානායක වගේ මහත්වරු අද දේශපාලනයේ නොසිටීම කනගාටුවක්.
0 comments:
Post a Comment