අක්ෂර වින්‍යාසයේ සදොස් ස්ථාන නිදොස් කර ගනිමු.


1.      අළුත් 


 අළුත් රාශි මාරුව යැයි දක්වමින් මෙම වචනය තුළින් අළු ගෙන හැර පායි. අළු කුමට ද? අළු ඇත්තේ ළිප් බොක්කේ ය. නැතිනම් කසළ ගොඩක හෝ පිලිස්සුණ තැනෙක ය. එසේත් නැත්නම් සොහොන් පිටියේ ය. එබැවින් මෙම වචනය “අලුත්” ලෙස නිවැරදි විය යුතු ය. නව යන අරුත එන්නේ අලුත්යන වචනයෙනි. අළුවලින් නො වේ.

2.      සන්දර්ශණ / අංගන

විවිධ සන්දර්ශ නොයෙක් නොයෙක් අංගණවල දී පැවැත්වුණු . නමුත් එය සන්දර්ශනලෙස නිවැරදි විය යුතු ය.

3.      ආයුබෝවන්

අද මේ රට පුරා ම බොහෝ දෙනකුන් අතර පවත්නා ආයුබෝවන්යන පැතුම තවමත් ඇතැමුන් වහරන්නේ ආයිබෝන්කියා ය. ආයි බෝන්’ - ‘ආයි බෝංවැරැදි වහරේ ඒවා ය. යුයන්න යියනුවෙන් විය හැකි ය. එහෙත් බෝවන්කිසිසේත් ම බෝංවන්නට බැරි ය.

4.      ගැලපීම

දන්තජ කාරය සහිතව ගැලපීමයනුවෙන් ලිවිම වැරදි ය. නිවැරදි වන්නේ ගැළපීමය.
       
 5. සමස්‌ථ ප්‍රතිඵල’
මෙහි සමස්ථ  යන්නට ඇති මහාප්‍රාණ ථ අක්ෂරය ඉවත් කර එය ‘සමස්ත’ යනුවෙන් නිවැරදි විය යුතු ය.
                
6.කට්ට කයිරාටික 

කයිරාටික යන්නෙන් අදහස් වන්නේ “රා ටික කයි” යනුවෙනි. නමුත් මෙයින් කීමට අදහස් කර ඇත්තේ ඉතාමත් කපටි යන්න ය. ඒ අනුව එය ෙකරාටික යනුවෙන් නිවැරදි විය යුතු ය.
         
            
 7.ජ්‍යෙතිෂයෙහි

“ජ්‍යෙ” මෙය කියවීමේ දී වැරදි අර්ථයක් ගෙන දෙයි.  මෙම වචනය ජ්‍යෝතිෂයෙහි යනුවෙන් නිවැරදි විය යුතු ය.

              
8.   තත්වය 

මෙම වචනය  තත්ත්වය යනුවෙන් නිවැරදි විය යුතුය .

         
 9.සම්බන්ද   


මෙම වචනය සම්බන්ධ යනුවෙන් නිවැරදි විය යුතු ය.

10.     ඇමැතිවරු

ඇමතිවරු දිවුරුම් දීම අනිද්දා
ඇමතිවරුයන්න ඇමැතිවරුන්යනුවෙන් විය යුතු ය. ඇමතිවරුයන වදනේ යන්න මැයන්න විය යුතු අතර ඇමැතිවරුන්යනුවෙන් එය අනුක්ත රූපයෙන් විය යුතු ය. දිවුරුම් දීම අනිද්දායි කී විට ඇමැතිවරුඋක්ත නො වන බැවින් එය ඇමැතිවරුන් යන අනුක්ත රූපයෙන් විය යුතු ය.

11.     වතුර වෙනුවට සතුට උතුරන්න

උතුරන්නයනුවෙන් මෙහි කරන්නේ සතුටට ඇමතීමක් ද? ආලවට්ටම් දමා ඉදිරිපත් කැරුණේ වූ නමුදු එහි ඇදක් පෙනේ. සතුට ඉතිරෙන්නට පුළුවන. එසේ ම සතුට උතුරවන්නට ද හැකි ය. ඒ නැතිව සතුටට උතුරන්නැයි කියනු බැරි ය.

12.     සිසුන් බඳවා ගැනේ.

 මෙම වාක්‍යයයෙන් අදහස් කරන්නේ  සිසුන් බඳවා ගනිතියන්න ය. කර්මය උක්ත වන විට සිසුන්යන්න සිසුහුයනුවෙන් විය යුතු ය. එවිට ක්‍රියාව ගැනෙතියනුවෙන් විය යුතු ය. සිසුහු බඳවා ගැනෙතියන්නයි නිවැරැදි විය යුතු ය.

13.     වන්හන්ඩ්‍රඩ් යෙලෝ යෙලෝ ස්ලීපිං
(එක සීයා කෙනෙක් කහ කහ බුදි)

යෙලෝ (yellow) යනු කහ පාට වුවද  මෙහි කහ කහය යනුවෙන් අදහස් කරන්නේ කහ පාටට‍ නො වේ. කැසීමට ය.
මෙවැනි වාක්‍ය පුවත්පත්වල පළ කිරීම එතරම් යෝග්‍ය නො වේ.  ‘වන් හන්ඩ්‍රඩ්’ (one hundred) යන්න සීයාකෙනකු වශයෙන් ගෙන, yellow යන්න කහ පාට වශයෙන් නො ව කැසීමයන්නට උපයෝගී කර ගෙන කහ කහ බුදියනුවෙන් ලියා ඇත. මේවා ගැන පියවර ගත යුතු අයත් කහ කහ නැතිව වුව නිදි  ය.

14.     හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති අවුල අවුලෙන් අවුලට

මෙම වක්‍යයයේ ද්විත්ව දෝෂයක් හා ත්‍රිත්ව දෝෂයක් ද වේ.
ද්විත්ව දෝෂය නම් සභා සභාපතියන්න ය. ත්‍රිත්ව දෝෂය නම් අවුල අවුලෙන් අවුලටයන්න ය. මෙය ප්‍රාදේශීය සභාපති තේරීම අවුලෙන් අවුලටයනුවෙන් නිවැරදි විය යුතු ය.

15.    පොරොන්දම් ගැලපීම නොමිලේ

පොරොන්දම් ගැළපීම, සල්ලිවලට හෝ නොමිලේ හෝ පුද්ගලයකුට කරනු හැකි දෙයක් නො වේ. කරනු හැක්කේ පොරොන්දම් ගැළපෙනවා ද යන්න බැලීම පමණි. පොරොන්දම් ගැලපීම නොමිලේයි කියන කීම නිවැරදි නො වේ.

posted under | 0 Comments

සංජානන ක්‍රියාවලිය තුළ සංවේදනයෙහි යාන්ත්‍රණය











සංජානනය යනු කුමක් ද ?

සංජානනය යන පදයට විවිධ අර්ථ තිබේ. එසේ ම විවිධ විෂය ක්ෂේත්‍රවල සංජානනය යන්න බහුල ව භාවිතා වන පදයකි. ශාස්ත්‍රීය අර්ථෙයහි හා සාමාන ව්‍යාවහාරයෙහි සංජානන යන පදයට ලබා දී ඇති විවිධ නිර්වචන තිබේ. ඉන් වඩා සරල අරුතින් සැලකුවහොත් ව්‍යවහාර  සිංහල භාෂාවේ සංජානනය යන්නෙන් අදහස්වනුයේ මනාව හා යහපත් ව දැනගැනීම යි. ජානන යන පදයෙන් අවබෝධය කිරීම, දැනගැනීම යන අදහස් වේ. එය සං යන උපසර්ගය හා සම්බන්ධවීම නිසා යහපත් ව දැනගැනීම ,මනාව දැන ගැනීම යන අර්ථවත් වේ. ඉංග්‍රීසි භාෂාවේ සංජානනය යන්න භාවිතා වනුයේ  perception යන පදය යි. මින් දැකීම, හැඟීම, අවෙබෝධය , ප්‍රත්‍යක්‍ෂ ඥානය යන්න අදහස් වේ . Perception යන වචනය සකස් ව ඇත්තේ  ජර්මන් භාෂාවේ  දැක්වෙන per – sep – shun යන වචන තුනක් එක් වී සකස් වූ තනි පදයකිනි. මින් අදහස් වනුයේ කිසියම් සංවේදනයක් නිසා හට ගැනෙන සංකල්ප පිළිබඳ ඇති සිහි නුවණ යි. මෙම  සංජානන ක්‍රියාවලිය  බාහිර පරිසරය අවෙබෝධ කරගැනීමේ දී වැදගත් වේ. ඒ නිසා සංජානනය ප්‍රත්‍යක්ෂය (අවෙබෝධය) ලෙස ද හැඳින් වේ. මේ අනුව කිසියම් ජීවියෙක් යනු සිය මානසික පසුබිම තුළ සිදුවීම්, අරමුණු හෝ ගුණය ප්‍රත්‍යක්‍ෂ කරගන්නා අයෙකි. එබඳු බොහෝ දේ සිය මෙනෝකායික ක්‍රියාවළිය මඟින් තහවුරු කරගැනීම හා ඒවාට විවිධ අර්ථකථන සැපයීම සිදු වනුයේ  සංජානනය මඟිනි. ජීවියෙකු සතු ඉන්ද්‍රියයන් නිසා සංජානනය සිදු වේ. 

සංජානන ක්‍රියාවලිය තුළ සංවේදනයෙහි යාන්ත්‍රණය






එසේ ම චිත්ත ප්‍රශාන්ති අවස්ථාවලදී වුව ද මෙකී පූර්ණ පර්යන්ත අවස්ථාව වෙනස් විය හැකි ය. එනම් සිත ඉහළ සමාධි මට්ටම්වල පසුවන විට 0 සිට 6 දක්වා උත්තේජනවලට ඉන්ද්‍රියන් සංවේදී විය හැකි ය. සැබවින් ම මේ ලෝකයේ සංවේදන 0 සිට 6 දක්වා පරාසවල ‍බොහෝ පැවතිය හැකි ය. එසේ වුව ද සාමාන්‍ය මානව ඉන්ද්‍රියන්ට සංවේදනය වනුයේ ඒකක 6ට ඉහළ මට්ටම්වල පරාසය දක්වා වූ උත්තේජන පමණි. 0 සිට 6දක්වා පරාසයක වූ උත්තේජන නො දැනේ. නමුදු භාවනායෝගීව සිටින යෝගාවරයෙකුම සිය සිත ප්‍රශාන්ති මට්ටමේ පවතින බැවින් ඉන්ද්‍රීය සංවේදන මට්ටම 0 සිට 6 දක්වා උත්තේජන මඟින් සංවේදන සංජානනය විය හැකි ය. එබඳු විශ්මිත හැකියා සාමාන්‍ය ව්‍යවහාරය අනුව අධි මානසික හැකියාව ලෙස හැඳින් වේ. මේ අධි මානසික හැකියාව ලැබූ අයෙකුට සිතැඟි සේ සංජානනය කළ හැකි ය. වෙනත් අයට නො දැනෙන විශේෂ දේ සංජානනය විය හැකි ය. ඉන්ද්‍රියන්හි ඇති භෞතික හා ජීව විද්‍යාත්මක හැකියාව වැඩි දියුණු වේ.
භාවනානුයෝගීන් සාමාන්‍ය අයට නොහැකි විවිධ විස්මිත හැකියා පළ කරනුයේ මේ නිසාය.දිබ්බ සෝත ඥානය, පරචිත්ත විජානන හැකියාව, දිබ්බ චක්ෂු ඥානය ආදී විශේෂ සංජානන හැකියා ඇතිවනුයේ මෙලසය.එසේම මෝහනයට පත් කරවීම මඟින්ද යම් පුද්ගලෙයකුට මෙබඳු විශේෂ හැකියා ඇති කළ හැක.මීට අවශ්‍ය වනුයේකමික පුහුණුව මඟින් චිත්ත පශාන්තිය ඇති කර පූර්ණ පර්යන්ති අවස්ථාව 0 සිට 6 දක්වා පරාසයක ඇති කරවීම පමණි. මෙසේ පූර්ණ පර්යන්ති අවස්ථාව හැකිතාක් 0 ට ආසන්න මට්ටමකට ගෙන ඒමේදී සිදුවනුයේ බාහිර පරිසරය හා මානව ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය කිසියම් ඒකීයත්වයකට රැගෙන ඒමකි.යම් කිසි හෙයකින් බාහිර පරිසරය හා ඉන්ද්‍රීය සංවේදී මට්ටම සමාන වූ විට කිසිදු බේදයක් නැතිව සියළු උත්තේජන කිසිදු බාධාවකින් තොරව අවශ්‍ය අයුරකින් සංජානනය කළ හැක.

සත්ත්ව ලෝකයේ තව සමහර සතුන්ට වෙනත් ඉන්ද්‍රීය සංජානනය වඩා ප්‍රබල සේ අඝ්‍රාණ සංජානනය (Ol f actory Perception) පිහිටා තිබේ. පුරාණ දඩයම් යුගයේ දී මිනිසුන් විසින් බල්ලා, බළලා වැනි සතුන්ගේඋපකාරය ලබා ඇති බව පෙනන්නට තිබේ.ඊට ප්‍රධාන හේතුව එබඳු සතුන් තුළ අඝ්‍රාණ සංජානනය ඉතා ප්‍රබලව පිහිටා තිබීම ය. සාමාන්‍ය ව්‍යාවහාරයේ දී ඉව සේ හඳුන්වනුයේ එකි අඝ්‍රාණ සංජානනය යි. බල්ලන් බළලුන් වැනි සතුන්ට පියවි දෙනතට නො පෙනන බොහෝ සියුම් සංජානන අරමුණු වන බව පර්යේෂණ මඟින් හෙලි වී තිබේ. ඒ අතර දෘෂ්‍ය , අඝ්‍රාණ , ශබ්ද හා ස්පර්ශ සංජානන වඩා ප්‍රබල ය. ඇතැම්විට මනුෂ්‍යයින් නො වන ජීවීන්ගේ පවා ඉතා සියුම් සංවේදන දැනීමේ හැකියාව මේ වර්ගවල සතුන්ට ජාන විද්‍යාත්මකව ම ඇති බව පැවසේ. සුවිශේෂී හේතුවක් රහිත ව පවා ඇතැම් විටක සුනඛයින් උඩු බුරනු පෙනේ. බොහෝ විට රාත්‍රී නිශ්චලතාව පවතින යම් අවස්ථාවල දී මෙබඳු දේ සිදු වේ. ඒ සිදුවීම් ඇතිවීමට මෙබඳු සතුන්ට ඇතිවන යම් සුවිශේෂී සංජානන හේතු වේ.සාමාන්‍ය පියවි දෙනතට නො පෙනන අති සියුම් පරාසවල ඇති දෘෂ්‍ය, අඝ්‍රාණ , ශබ්ද හා ස්පර්ශ සංජානන මේබඳු සතුන්ට දැනෙ.ඒ නිසා එබඳු සියුම් සංජානනවලට ප්‍රතිචාර දැක්වීමට මෙබඳු සතුන් පෙළබේ . කිසිදු අර්ථයක් නැතිව මේ සතුන් ශබ්ද නඟන්නේ යැයි එය දකින අය සිතති.
මීට අමතරව අඝ්‍රාණ සංජානනය ඉතා සියුම්ව වෙනත් සත්ත්ව විශේෂවල ද පිහිටා ඇති බව දක්නට ලැබේ. විවිධ සත්ත්ව විශේෂවල ආඝාණයට සම්බන්ධ ඉන්ද්‍රීයන්ගේ පිහිටි ෛජව විද්‍යාත්මක ස්වභාවය පවා අඝ්‍රාණ සංජානනය සියුම්වීමට හේතු වී තිබේ.

නිදසුනක් සේ අලින්ගේ නාසය පිහිටා ඇත්තේ උන්ගේ සොඬය කෙළවරය.ජීව විද්‍යාත්මකව අලි සොඬ පොළවට ආසන්නව පිහිටා ඇත. අලියාට ඉතා දුරින් පිහිටා ඇති විවිධ වස්තු සංජානනය කිරීමට පොළවට ආසන්නව එල්ලෙමින් ඇති ඇති සොඬ මහත් උපකාරී වේ. කිසියම් සතෙකු ආසන්නව සිටින බව අලියා දැන ගනී.තමාට ඇතිවිය හැකි විවිධ අනතුරු මඟහැර යාමට මේ අඝ්‍රාණ සංජානනය අලින් ට උපකාර වේ. වෙනත් සතුන්ට අලීන්ට ළංවීමට නො හැකිවී ඇත්තේ අලීන් තුළ ඇති මේ අඝ්‍රාණ සංජානනයේ ප්‍රබලතාව නිසා ය. මේ නිසා අලි පිළිබඳව දන්නා අය අලීන්ගේ අඝ්‍රාණ සිදුවීමට බාධා ඇතිවන පරිදි කටයුතු කරති.මින් අලි අල්ලා හීලෑ කර ගැනීමට හා විවිධ බරවැඩ පහසුවෙන් ඉටු කරගැනීමට හැකි ය. සිය සිරුරේ මඩ තැවරීම හා සුළං හමන දිශාවේ විරුද්ධ පසින් පැමිණීම ආදී උපක්‍රම අලීන් තුළ පවතින අඝ්‍රාණ සංජානනය මැඩ පැවැත්වීමට භාවිතා කරන මෙවලම් ය.මේ නිසා අඝ්‍රාණ සංජානනය ඉතා දියුණුව පැවතිය ද මිනිසා තරම් බුද්ධිමත් නො වන බැවින් පහසුවෙන් මේ උපක්‍රමවලට හසු වේ.මුහුදේ ජීවත්වන ඩොල්පින් මසුන් එකිනෙකා හා සංජානන කිරීමට තරංග සම්ප්‍රේෂණය භාවිතා කරන බව පර්යේෂණ මඟින් හෙලිවී ඇත.උන්ගේ වරල් මඟින් දියරැළි හා මුසුකොට යවන තරංග සෙසු ඩොල්පින් මසුන් විසින් සංජානනය කරගනු ලැබේ.එසේම ශබ්දය විවිධ පරාසවලින් නිකුත් කිරීමටද ඩොල්පින් මසුන්ට හැකියාව තිබේ.එමඟින් අසහනය,කැළඹීම,දුක,බිය,සතුට හා පරාජිතබව ආදී චිත්තවේගික කරුණු පවා මෙසේ ශබ්ද තරංග මඟින් සංජානනය කිරීම ඩොල්පින් මසුන්ගේ සිරිතයි.එසේම උන්ට මිනිසුන්ගේ භාවමය හා චිත්ත වේගාත්මක සිතිවිලි දැන හැඳින ගැනීෙම් සහජ ඉවක් ඇති නිර්මාණශීලී බුද්ධිමත් සෙතකු ෙලසටද පර්ෙය්ෂණ මඟින් පැහැදිලි කරගෙන ඇත.මේ හේතුව නිසා මත්ස්‍ය ලෝකයේ සෙසු මත්ස්‍යයින්ට වඩා බුද්ධිය අධික සතෙකු ලෙස ඩොල්පින් සැලකේ.මහ මුහුද මැද මුහුදුබත් වූ නැව් හා මගී යාත්‍රාවල සිරවූ මිනිසුන්ව බේරා ගැනීමේ කාර්යයන්වලදී ඩොල්පින් මසුන්ගේ සංජානන හැකියාව ඊට විශාල පිටිවහලක් වී තිබේ. විවිධ අයුරින් මිනිසුන්ට ඩොල්පින් මසුන්ගේ සංජානන හැකියා උපකාරීවී ඇත.මේ හේතුව නිසාම ඩොල්පින් මසුන් මැරීම බොහෝ රටවල නීතියෙන් තහනම් කර තිබේ. දැනට ලෝකෙය්  බොහෝ දියුණු රටවල විවිධ හදිසි අනතුරු හා ස්වභාවික උපදව නිසා මුහුදුබත්ව මහ මුහුද මැද අතරමංව ජීවිතයත් මරණයත් අතර සටනක නියැළී සිටින ආපදාවලට ලක් වූ අය බේරා ගැනීමේ මෙහයුම් කටයුතු සඳහා ඩොල්පින් මසුන්ගේ සහය හා උපකාරය භාවිතා කරනු ලැබේ.

ලෝකය පිළිබඳ  තොරතුරු සියල්ල අප දැනගනු ලබන්නේ අපගේ සංවේදන මාර්ගෙයනි. සංවේදනය මානව සිරුර පුරා ගමන් කරනුයේ ස්නායු පද්ධතියේ  ආධාරයෙනි. ස්නායු පද්ධතිය මඟින් විද්‍යුත් සංඥාවක් ලෙස  සංවේද ගමන් ගනී. සංවේද මඟින් තොරතුරු සම්ප්‍රේෂණය වේ.  සංවේදවල ගැබ්වන සංඥා  මොළයේ අදාළ ප්‍රදේශ විසින් නිවැරදි ව වටහා ගැනීම ඊට අදාළ චර්යා පැවැත්වීමට උපකාරී වේ. මොළය වෙත සියළු සංවේද සම්ප්‍රේෂණය වනුයේ  දත්ත ආකාරයට ය. මේ දත්ත ලබමින් එය මැනවින් උද්ධරණය කොට නිශ්චිත තොරතුරු සංජානනය කිරීමට මොළයට හැකියාවක් ඇත. සංඥා ස්නායු පද්ධතිය තුළින් ගමන් කරනුයේ  දුරකථන රැහැන් පද්ධතියක් දිගේ  දුරකථන සංඥා ගමන් ගන්නා අයුරිනි. නමුදු ස්නායු පද්ධතිය සංඥා දත්ත හුවමාරු ව මෙන් ම රසායනික ද්‍රව්‍ය  මඟින් සංඥා හුවමාරුව ද සිදුකරන බැවින් දුරකථන රැහැන් පද්ධතියක ක්‍රියාකාරීත්වය මෙන් සරළ නැත. එසේ ම මානව මොළයේ  අධික දත්ත ධාරිතාවයට, වේගවත් බවට හා නිර්මාණශීලීත්වයට අභියෝග කළ නො හැක්කේ  මෙකී සංකීර්ණ රසායනික ද්‍රව්‍යවල  ක්‍රියාකාරීත්වය නිසා ය. මොළයේ ස්නායු සෛලවල ඇති රසායනික ද්‍රව්‍ය අතරින් දැනට හඳුනා ගෙන ඇත්තේ ඉතා ම සුළු ප්‍රමාණයක් පමණි. මේ දක්වා නිශ්චිතව  හඳුනා නො ගත් විශාල රසායනික ද්‍රව ප්‍රමාණයක් ද තිබේ .එසේ ම එම රසායනික ද්‍රව්‍යවල බලපෑම නිසා  ශ්‍රාවය වන විවිධ හෝමෝන වර්ග ද රාශියකි. සංවේදනය මැනවින් සිදුවීම සඳහා මේ සියළු දේ ම ඉවහල් වේ.

සංජානනය මානව ස්නායු පද්ධතියේ  එක් විධිමත් ක්‍රියා පිළිවෙලක් ලෙස ද හැඳින්විය හැක. මාධ්‍ය ස්නායු පද්ධතිය මඟින් මෙහයවනු ලබන, මානව සිරුර පුරා ශාඛා ජාලයක් සේ විහිදුනු මේ ස්නායු පද්ධතිය රැහැන් රාශියකින් බැඳී ඇති දුරකථන පද්ධතියක ක්‍රියාකාරීත්වයට සමාන ය. ඉන් විවිධ සංඥා ගමන් කරන්නාක් සේ ස්නායු පද්ධතිය තුළින් ස්නායු ආවේග සම්ප්‍රේෂණය වේ . මෙකී ස්නායු ආවේග, සංවේදන (Sense) නමින් හැඳින් වේ. ඇතැම් විට දුරකථන පද්ධතියක ධාරිතාවට වඩා වැඩි ප්‍රමාණයක සංඥා එම පද්ධතියට ලැබුණු විට එහි ගමන් මාර්ග අවහිර වී ප්‍රමාද සිදුවන්නාක් සේ මානව සංජානනයට ද සමහර විට බාධා ඇති වේ. එයට හේතු වනුයේ එක් ක්ෂණයක දී විශාල ධාරිතාවක් එක්වර ස්නායු සම්ප්‍රේෂණය ලැබීම යි. මේ නිසා ස්නායු ක්‍රියාකාරීත්වය මන්දගාමී වීම, එක්වර සියළු දේ අමතක ව යාම වැනි දේ ඇති වේ . මෙහි දී කලබල  නො වී, විවේකීව ඉවසීම ඇති ව මෙබඳු දේ ඇති වූ විට මුහුණ දීම වැදගත් ය. මෙබඳු තත්ත්වය ඇතිවීම පොදු වේ සියළු මනුෂ්‍යයන්ට ම පොදු වන්නකි. මෙබඳු අවස්ථාවල මානසික ක්‍රියාකාරීත්වය නිසියාකාර ව නො වටහාගත් පුද්ගලයා නිකරුනේ  කලබලයට පත් වේ . සමහරු තමාට මානසික රෝගයක් වැළඳී මෙසේ වන්නේ යැයි බිය ඇති කර ගනිති. හදිසියේ  මේබඳු තත්ත්වයක් ඇතිවීම ස්වභාවික ය. එය ස්වල්ප වේලාවක දී ඉබේට ම මඟහැරී ය යි. මදවේලාවක දී මේ තත්ත්වය මඟහැරී නො ගියොත් එය රෝගී අවස්ථාවක් යැයි නිශ්චය කළාට වරදක් නැත. වුවමනාවට වඩා අධික කාර්යබහුලත්ව නිසා ඇතිවන ස්නායු ආතති තත්ත්වයන්  රෝගී අවස්ථාවන් යැයි වරදවා නො වටාහාගත යුතු ය.

 විවිධාකාර මානසික ආතති ජනිත වන්නේ මේ ආකාරයට ය. සමහරු කාර්යබහුලතාව නිසා මානසික තෙහට්ටුවට පත් වෙති. මානසික තෙහට්ටුව රෝගී අවස්ථාවක්  නො වෙතත්, එනිසා ම ස්නායු ඉක්මනින් දුබලවිය හැක. මානසික ක්‍රියාකාරීත්වය හදවතේ ස්නායු ක්‍රියාකාරීත්වය නිසා ඒ අයුරින් ස්නායු දුබලවීම මානසික ක්‍රියාකාරීත්වය සම්බන්ධෙයන් අයහපත් ලක්ෂණ මතුවීමට  එක් හේතුවක්ද විය හැක. නිරතුරුව ආවේග බහුල සිතිවිලි හෝ  සංකා තත්ත්ව වලින් පීඩාවට පත්වීම ද මානසික අසහනයට ප්‍රධානත ම හේතුවකි. මනස නිවැරදිව ක්‍රියාශීලී අවස්ථාවක පවතින විට රෝගී නො වේ .වැරදි ආකාරයට තෙහට්ටුවට පත්වීම නිසා රෝගී වේ .එය ද  යන්ත්‍රයක ක්‍රියාකාරීත්වයට මදක් සමාන ය. ස්නායු පද්ධතියේ  ක්‍රියාකාරීත්වය සන්නිවේදන ජාලයක ක්‍රියාකාරීත්වයට සමාන ය.  පුද්ගලෙයකු අවදි නො වී සිටීමේ දී පවා ඔහුගේ  මානසික ක්‍රිරියාකාරීත්වය සිදු  වේ . මේ නිසා අවදියෙන් සිටීමේ දී මෙන් ම නින්දට ප්‍රවේශවන් අවස්ථා තුළ දී ද, එසේ ම නින්දේ  ගතකරන කාලවකවානුව තුළ දී පවා මානව සංජානනයට සම්බන්ධ බොහෝ ප්‍රදේශ  ක්‍රියාත්මක වේ. සිහින පෙනීම පුද්ගලයාට සිදු වන විවිධ සිදුවීම් අතර සබඳතාවක් ඇතිබව නූතන මනෝවිද්‍යාවේ පිළිගෙන  තිබේ . අතීත ස්මරණය පිළිබඳව මෙන් ම අනාගත සිදුවීම් පිළිබඳව පවා මානව සංජානනයට අරමුණු විය හැකි බව පවා මේ පර්යේෂණ මඟින් තහවුරු වී තිබේ .

 ස්නායු පද්ධතියේ  භෞතික කාර්යය  පටිපාටිය නිසි සේ වටහාගැනීම මඟින් ඇතිවන විවිධ වැරදි අවෙබෝධ ඉවත් කර ගැනීමට හැකියාව ඇති වේ . මානසික ක්‍රියාකාරීත්වය පරිගණකයක පරිපථයක ක්‍රියාකාරීත්වය මෙනි. මානව සිරුර පුරා ඇති ස්නායු හා ක්ෂුද ස්නායු පද්ධතියට අයත් සියුම් ක්‍රියාකාරීත්වය නිසා මිනිසුන්ට බාහිර පරිසරය පිළිබඳ අවබෝධ කරගැනීමට හැකි ය. මිනිසුන් බාහිර පරිසරය අවබෝධ කරගනුයේ ස්නායු සම්ප්‍රේෂණය මඟිනි. ස්නායු සම්ප්‍රේෂණය මානව මොළයට පැමිණි පසුව මොළය විසින් ලබාගත් දත්ත සියළු දේ මනාව සංවිධානය කර එමඟින් අර්ථාන්විත තොරතුරු උද්ධරණය වන සේ පිළියෙල  කරනු ලබ යි. එසේ ම එකී තොරතුරුවල ගැබ් වන සියළු සබඳතා පිළිබඳ හැඩතල සලකා බලා මොළෙයේ ගබඩා වී පැවති පැරණි තොරතුරු දත්ත සටහන් හා සසඳා බලා නිවැරදි නිශ්චිත නිගමනයන්ට පැමිණේ . සංජානනය ලෙස අර්ථ දක්වනුයේ  මෙකී ක්‍රියාවළියයි. මේ සසඳා බැලීමේ දී හඳුනා ගැනීමට හා නව සබඳතා නිර්මාණය කරගැනීමට ද හැකියාව ඇති වේ . මොළෙයේ  නිර්මාණශීලී කාර්ය සිදු වනුයේ  මේ අනුව ය. දත්ත  සම්ප්‍රේෂණය කිරීම මෙන් ම ක්ෂණිකව එකී දත්ත නිවැරදි අයුරින් උද්ධරණය කිරීමට මස්තිෂ්කය දක්වනුයේ  විස්මිතවූ හැකියාවකි. බොහෝවිට මොළෙයේ  මෙකී කාර්යය සංජානනයට උපකාරයකි. නමුදු ඇතැම්විටක දී එය සංජානනයට බාධාකාරී විය හැකි අවස්ථා ද එළබේ. එසේ ම සංජානනය වෙනස් කළ හැකි අවස්ථා සේ ම සංජානනය විකෘති කළ හැකි අවස්ථාව ද ඇති වේ. ඇතැම්විට සංජානනය වැඩිදියුණු වේ . මෙය සංජානනය කෙරහි බලපානු ලබන ආකාරය අනුව යමක් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. විවිධ අවස්ථාවල දී යමක් සංජානනය කිරීමේ  එකී අරමුණහි යථා ස්වභාවයට වඩා වෙනස් ගති ලක්ෂණ සංජානනය කරගනුයේ  මේ නිසා ය. එසේ ම සංජානන අනුපිළිවෙල වෙනස් කිරීමට පවා මෙහි ක්‍රියා හේතු වේ. සංවේදන ගැනීම, ගබඩා කිරීම හා අවශ්‍ය වූ විට සිහි කැඳවා ප්‍රයෝජනය ගැනීම යන ක්‍රියා සංජානනයට උපකාරී කරගත හැක.

සංවේද මඟින් ලබා ගන්නා තොරතුරු මොළය වෙත ලබාදීම සංජානනයේ කාර්යභාරය යි. ඇස,කණ.නාසය,දිව,සම හා මනස ආදී ඉන්ද්‍රියයන් මඟින් ලබා ගන්නා තොරතුරු සංවේද ලෙසට මොළයට වාර්තාගත වේ . අනතුරුව ඒවායේ පවතින විවිධ සංවිධානාත්මක රටා, සබඳතා හා සමානතා පෙන්වන හැඩතලවලට අනුව හඳුනාගැනීම සිදු  වේ . මොළය විසින් කිසියම් තොරතුරක් හඳුනා ගනු ලබන්නේ  ඒ පිළිබඳ පෙර ලබා තිබූ අතීත අත්දැකීම් හෝ ඊට සමානකම් දක්වන විවිධ දේ උපකාරෙයනි. සාමාන්‍යයෙන් ඇස, කණ, නාසය, දිව, සම හා මනස යන ඉන්ද්‍රියන්ගෙන්  ලබන රූප, ශබ්ද, රස, ගන්ධ, ස්පර්ශ හා සිතිවිලි ආදී අරමුණවලට අනුව ලබා ගන්නා සංවේදන තොරතුරු මඟින් බාහිර පරිසරය අවෙබෝධ කරගනී. එහි දී මිනිස් ඉන්ද්‍රියයන්ට  අසීමිත ව එසේ තොරතුරු ලබා ගැනීමේ  හැකියාක් නැත. එයට හේතුව මිනිස් ඉන්දියන්ගේ  කිසියම් සීමා සහිත බවක් ඇති නිසා ය. මිනිසා තමාට ලැබී ඇති සීමිත මිනිස් ඉන්ද්‍රිය අනුසාරෙයන් ලබා ගන්නා තොරතුරුවල සීමාසහිත ස්වභාවයක් ගැබ් වේ .එනිසා බාහිර පරිසරෙය් සංවේදන අප උකහාගනුයේ  අපගේ  ඉන්ද්‍රියානුබද්ධ සීමාවට අනුව බව වටහාගැනීම වැදගත් ය.ඒ නිසා බාහිර පරිසරයයේ ගැබ් ව ඇති තොරතුරු දත්ත සියළු දේ ම නිසි ලෙස සම්පූර්ණෙයන් ම සංවේදනය වූවා යැයි සෑහීමකට පත්වීමට ද නො හැක.සෑම දෙයක් ම අදාළ ඉන්ද්‍රිය සීමාවට යටත්වීමට සිදුවන නිසා ය . මේ  අනුව ඇතැම් තොරතුරු පිළිබඳ ව දැනගැනීමට නො ලැබේ. ඇතැම්විට සංවේදන ලැබුණ ද ඒවා සංවේදන ලෙස බාරගැනීමට තරම් ඉන්දීය සංවේදනය තියුණු නො වීමට ඉඩ තිබේ . ඉන්දීය සංවේදන සීමාව තීරණය වනුයේ ද ජීවවිද්‍යාත්මක  පැතිකඩට අනුව ය. එහි ජීව විද්‍යා පැතිකඩ තුළ විවිධ ජීව කොට්ඨාශවලට නියම වූ අනන්‍යතාවක් ද ඇත. එපමණක් නො ව ඒ ජීව විද්‍යා කොට්ඨාශය තුළ එක ම ජීව කොට්ඨාශය තුළ පවා වෙන් වෙන් ජීවීන්ට අනන්‍ය වූ ජීවවිද්‍යා  පැතිකඩක් ද තිබෙන බව අමතක නො කළ යුතු ය. සංවේදන සංජානනය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී මේ සියළු සාධක පිළිබඳ ව සැලකිලිමත් විය යුතු වේ.
 
අඳුරු කාමරයක් තුළට වැටුණු කුඩා ආලෝක ලපයක් මඟින් ඊට ප්‍රථම පැවති ඝන අඳුර දුරු විභේදනය කර අලෝකය පතුරුවනු ලබයි. පරිපූර්ණ නිහඬ බවේ පැවතී ශබ්ද ප්‍රතිරෝධක කාමරයක් තුළට බැහැර සිට එන කිසියම් ශබ්දයක් නිසා ඇසීම උපදවනු ලබයි.  මෙසේ සංවේදනයක් ඇතිවීම  සඳහා අවශ්‍ය වන අවම උත්තේජක ප්‍රමාණයක් මඟින් සංවේදන අත්දැකීම් ලබන ඉන්ද්‍රියයන් අවදි බවට පත් කරනු ලැබේ . මේ  සංවේදන ඉන්ද්‍රියයන්හි  අවදිබව ඇති කරවන අවම උත්තේජන ප්‍රමාණය  සංවේදන පද්ධතිය ක්‍රියාත්මක කළ හැකි අවම භෞතික ශක්තිය ලෙස සැලකිය හැක .එය පූර්ණ පර්යන්තය (Absolute Thresholds) ලෙස හැඳින් වේ. පූර්ණ පර්යන්තය මඟින් ඉදිරිපත් කළ හැකි වනුයේ උත්තේජන විෂය පිළිබඳ තීව්‍රතාව විමර්ශනාත්මක සලකා බැලීමකි. එනම් යම් ප්‍රමාණයක උත්තේජනයක් ඉන්ද්‍රිය අවදිබව ලබා දිය හැකි ද නො එසේනම් අවදිබව ඇති කළ හැකි උත්තේජනය කෙතරම්දැයි මෙයින් වටහාගත හැක. ඊළඟ උත්තේජන  අතර විවිධත්වයේ තීව්‍රතාව කෙතරම්දැයි මෙයින් දැනගත හැක. පූර්ණ පර්යන්තය මඟින් උත්තේජන අතර තීව්‍රතාවේ පුළුල් පරාසය සලකා බැලේ. මෙමඟින් ඊට සමාන පූර්ණ පර්යන්ත කාලසීමා ක්‍රියාපිළිවෙත් නුසුදුසු බව කුමනාකාරදැයි සලකා බැලිය හැක.මන්ද පර්යේෂකයින් ඒකීය තීව්‍රතා අගයකට ළඟා නො වන බැවිනි. එම එකීය තීව්‍රතා අගය යටෙත් උත්තේජන පිළිබඳ විමර්ශනය නො කිරීම හා ඒ සියළු කරුණු පිළිබඳ වාර්තා විමර්ශනය නො කිරීම දක්නට ලැබේ. එහි දී දැකගැනීමට ලැබෙනුයේ  ඒ වෙනුවට තීව්‍රතා  පරාසවලට ඔබ්බෙන් වූ උත්තේජනවල අනුකමික සංචලනයන්හි භෞතික ශක්තිය පිළිබඳ සිදු වූ විමර්ශනයකි. එම උත්තේජනවල අනුකමික සංචලන කිසිදු ප්‍රතිඵලයක් නො මැති අවස්ථාවේ සිට අසම්පූර්ණ ව අර්ධ පාර්ශ්චික වශයෙන් ප්‍රතිඵල සහිත අවස්ථා ( එනම් ඇතැම් අවස්ථාවල දී අනාවරණය වන හා ඇතැම් අවස්ථාවල දී එසේ නො වන) හා සම්පූර්ණ ප්‍රතිඵල සහිත අවස්ථා දක්වා වූ විමර්ශනයකි.
අර්ධ පාර්ශ්වික ප්‍රතිඵල සහිත මේ ප්‍රදේශය මනෝ භෞතික කෘත්‍ය ඇසුරින් පැහැදිලි කළ හැකි ය. මන්ද ඉන් ප්‍රකාශ වනුයේ මනෝවිද්‍යාත්මක විචල්‍යය (දැනෙන හා ප්‍රත්‍යකරන උත්තේජන  අත්දැකීම්) හා භෞතික විචල්‍යය (උත්තේජන තීව්‍රතා ) අතරතුර ඇති සබඳතායි. ඒ උපක්‍රමය නම් කාලයේ ප්‍රතිශතය පිළිබඳ කරුණු ය. එය උත්තේජන අනාවරණය කරගැනීම යනුවෙන් හැඳින් වේ. එය උත්තේජනවල භෞතික ශක්තියට විපක්ෂ වූ මිණුමකි. මේ අවස්ථාවේ දී මේ කරුණු සම්පූර්ණ වශයෙන් වාර්තා නො වේ. අබිමුඛව පවතින ප්‍රමාණයේ උත්තේජන යටතේ එක් ශක්ති මට්ටමක් ඒකක තුනකට සමාන ය. එනමුත් නිරතුරු සම්පූර්ණයෙන් වාගේ වාර්තා කරනුයේ ඒකක නවයකි. ඒ සංඛ්‍යාත සබඳතා වාර්තා වනුයේ සම්මුඛයේ පවත්නා උත්තේජන ඒකක තුන හා නවය අතරතුර අනුක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රමාණය අනුව ය. මේ කාර්ය සාධන මනෝ භෞතික කෘත්‍යය අනුව විස්තර කළ හැකිවූ විට ව්‍යක්තික උත්තේජන මිම්ම අනුව පූර්ණ පර්යන්තය නිර්වචනය කරනුයේ කෙසේ දැයි ගැටළුවක් ඇති‍ වේ. උතේජනවල භෞතික ඒකක තිරස් අක්ෂය ලෙසටත්, උත්තේජන දැනෙන මනෝ විද්‍යාත්මක ප්‍රතිශතය සිරස් අක්ෂය ලෙසටත් ගෙන උත්තේජන දැනීම් අවස්ථා වගු ගත කළ හැකි ය. එවිට උත්තේජනවල භෞතික ඒකක දැක්වෙන තිරස් අක්ෂයේ + 6 දී හා එහි ම‍නෝ විද්‍යාත්මක ප්‍රතිශතය දැක්වෙන සිරස් අක්ෂයේ 50% දී පළමු උත්තේජනය ඇති වේ. ඒ නිසා මෙහි පූර්ණ පර්යන්ත අවස්ථාව මෙහිදී නිරූපණය වේ. එය විෂය කරුණු වක්‍රයේ පළමු දැක්ම බිඳියනුයේ බින්දුවේ සිට (මේ අවස්ථාව භෞතික ඒකක තුනක් පමණ වේ) බව ප්‍රධාන කරුණකි. නැතහොත් එහි අවසාන දැක්ම 100% ප්‍රතිශතය දක්වා ළඟා වීමේ දී ඒ සඳහා අනුකූලතා දැක් වේ. (මේ අවස්ථාව ඒකක නවයක් පමණ වේ.) නිසැකවම පූර්ණ පර්යන්තය පිළිබඳ මේ අර්ථ විග්‍රහය අත්තනෝමතික විය හැකි ය. සමහර කාල්පනික ප්‍රතිෂ්ඨා පදනම් මත මනෝ විද්‍යාඥයින් ප්‍රත්‍යක්ෂ කරන උත්තේජන කාල ප්‍රතිශතය 50% ක අගයක් ලෙස පූර්ණ පර්යන්තය නිර්වචනය කිරීමට එකඟ වී ඇත. එම දත්ත මඟින් පෙන්නුම් කරනුයේ පූර්ණ පර්යන්තය ඒකක 6ක් විය හැකි බව යි.
භෞතික මිණුම් කාලසීමාතුළ විවිධ සංවේද මාත්‍ය සඳහා පූර්ණ පර්යන්තය පිළිබඳ ඇතැම් තක්සේරු කිරීම් අනුව අර්ථවත් සහජ ඥානය ( ප්‍රතිභාන ) ඉහත සඳහන් කළ ප්‍රස්තාරගත තොරතුරු අනුව නිරූපණය වේ. සත්‍ය වශයෙන්ම පර්යන්ත විවිධතා එකක් ඊළඟ දක්වා ප්‍රත්‍යෙකව සැලකිය යුතු තරමේ වූ මට්ටමක පවතී. එය එක් එක් පුද්ගලයාගේ භෞතික තත්ත්වය, අභිප්‍රේරණ මට්ටම හා ඒ යටතේ නිරීක්ෂණය කළ හැකි එබඳු තත්වයන් මත රඳා පවතී. සංවේද මාත්‍ය නම් විවිධ සංවේද සංජානනය කරන ඉන්ද්‍රියන් ය. මෙය ප්‍රකාරතාව (Modality) යනුවෙන්ද හැඳින් වේ. එනම් ශ්‍රවණය, දර්ශනය, රස විඳීම, ආඝ්‍රාණය හා ස්පර්ශය යි. මේ සෑම කරුණක්ම විවිධ ඉන්ද්‍රියන්ගෙන් උකහා ගනු ලබන විවිධ සංවේදන හැඩතල යි. මේ සෑම සංවේදනයකට ම වෙන් වෙන් වශයෙන් පූර්ණ පර්යන්ත ඇත. දර්ශනයේ පුර්ණ පර්යන්ත අවස්ථාව නම් පැහැදිලි රාත්‍රියක දී, මයිල 30 දුරින් පිහිටි ඉටි පන්දම් ගිනි දැල්ලකි. ශ්‍රවණයේ පූර්ණ පර්යන්ත අවස්ථාව නම් නිශ්චල අවස්ථාවක දී අඩි 20 දුරින් පිහිටි ඔරලෝසුවක ටික් ටික් නාදය යි. රස විඳීමේ පූර්ණ පර්යන්ත අවස්ථාව නම් වතුර ගැලුම් දෙකක දිය කරන ලද සීනි තේහැඳී දෙකක ප්‍රමාණයකි. ආඝ්‍රාණයේ පූර්ණ පර්යන්ත අවස්ථාව නම් කාමර හයක මහල් ගොඩනැඟිල්ලක විසාරිත වීම පිණිස බිම හෙලන ලද එක් සුවඳ විලවුන් බිඳූවක ප්‍රමාණයකි. ස්පර්ශයේ පූර්ණ පර්යන්ත අවස්ථාව නම් ඉඟිලෙන පක්ෂියෙකුගේ පියාපතක් ඔබගේ කම්මුලක් මතට සෙන්ටිමීටර් එකක පරතරයක් ඇතිව පතිත වීමකි.
ඉන්ද්‍රීය වෙතට පැමිණන සංවේදන පූර්ණ පර්යන්ත අවස්ථාවට පැමිණීමට පෙර සිදුවන නමුදු ඉන්ද්‍රීයයන් එම සංවේදන නිසා ක්‍රියාත්මක නො වේ . එය සංවේදන පවතින දුබලතාව නිසා සිදු නො වේ.එය බද්ධ වී පවතිනුයේ ඉන්ද්‍රීයයන්වල ජීව විද්‍යාත්මක පැතිකඩ සමඟ ය.කිසියම් උත්තේජන ප්‍රමාණයක් නිසා ඉන්ද්‍රියයන් ජීව විද්‍යාත්මකව සංජානනය කළ හැකි මට්ටමකට සුසරවීම පර්යන්තය නිසා සිදු වේ.සම්පූර්ණයෙන් සංජානන ක්‍රියාවළිය කළ හැකි මට්ටමකට සුසරවීම පූර්ණ පර්යන්තය නමි ,බොහෝවිට ඉන්ද්‍රියයන් හි පූර්ණ පර්යන්ත මට්ටම ඒකක +6 දක්වා ප්‍රමාණයක රැඳී පවතී. මින් අදහස් වනුයේ ඒකක 0 සිට 6 දක්වා පරාසයක වූ උත්තේජන නිසා ඉන්ද්‍රියයන් සුසරවීම සිදු නො වන බව යි.එය මානව ඉන්ද්‍රීයයන්හි සාමාන්‍ය මට්ටම යි.නමුදු සුවිශේෂිත අවස්ථාවල දී මේ මට්ටම පහළට වැටිය හැක.එනම් චිත්තවේගික කරුණුවල බලපෑම,ඇතැම් ජීව විද්‍යාත්මක කරුණු නිසා,භාවනාව නිසා සිත සමාධි මට්ටම්වලට එළඹීම නිසා වැනි හේතු නිසා ඉන්ද්‍රීයයන්හි පූර්ණ පර්යන්ත අවස්ථාව වෙනස්විය හැක.එනම් සාමාන්‍ය අවස්ථාවලදී උත්තේජනවලට සංවේදී නො වන 0 සිට 6 දක්වා වූ අවස්ථාකදී වුව ද එවිට සංවේදන සංජානනය වියහැක. බියට පත්වූ අවස්ථාවක දී සිතට ඇතිවූ භීතිකා ප්‍රමාණයට අනුව පූර්ණ පර්යන්ත මට්ටම වෙනස්විය හැක.එවිට සාමාන්‍යයෙන් නො දැනෙන දේ පිළිබඳව පවා සංජානන අත්දැකීම් ඇතිවිය හැක.මේ නිසා ඇතැම්විට මායාරූප දර්ශනය, නොමැති මායා ශබ්ද ශ්‍රවණය,මායා රස විඳීම්,මායා ස්පර්ශ ඇතිවිය හැක. මෙය  භ්‍රන්ති ලෙස මෙනෝවිද්‍යාවේ හැඳින්වෙන තත්ත්වයකි.මේ භ්‍රන්ති තත්ත්වය බොහෝ බියකරු විය හැක.මේ භ්‍රන්ති  අවස්ථාවේ දී සිත වික්ෂිප්තවීම නිසා ඇතිවන මායා තත්ත්වය සැබෑවක් යැයි උපකල්පනය කර ඊට විවිධ නාමයන් පවා ව්‍යවහාර කිරීමට පුළුවන.සමාජයේ ව්‍යවහාරවන ඇතැම් අමනුෂ්‍ය සංකල්පවලට පවා භ්‍රන්ති හේතු වී තිබේ. බිය පමණක් නො ව දුක,පශ්චත්තාපය,සාංකාව, ක්‍රෝධය බඳු චිත්තවේගීක අවස්ථාවල පවා පූර්ණ පර්යන්ති අවස්ථාව සාමාන්‍ය මට්ටමට වඩා වෙනස්විය හැක.
සංජානන මායා ඕනෑම සංවේදන උත්තේජනයක් පිළිබදව සිදුවිය හැකි ය. එහෙත් වැඩි වශයෙන් සිදුවන්නේ දර්ශන පිළිබද මුලාවන් ය. ඒ සදහා ඒ ඒ පුද්ගලයාගේ මානසික තත්ත්වයන් හා අත්දැකීම් බලපානු ලැබේ.

මෙම රූපයෙන් හැඟවෙන්නේ  වයින් වීදුරුවක් ද? නැතිනම් බිකිනියක් ඇදගත් යුවතියකගේ කලවා ප්‍රදේශයක් ද? එහි දී රාගික හැඟීම් ඇති අවස්ථාවක දී යුවතියකගේ කලවා පෙදෙස් ද, මත්පැන් බිමට රුචි අයෙකුට වයින් වීදුරුවක් ද තම රුචි අරුචිකම් මත සංවේදනය වේ.





මෙම රූපයෙන් ද දැක්වෙන්නේ කුමක් ද? පහනක් වැනි භාජනයක් ද? නැතිනම් මුහුණු දෙකක් ද? වරෙක මෙයින් කවර හෝ සංජානනයක් යම් පුද්ගලයෙක් තුළ සංවේදනය විය හැකි ය.

ඇතැම් විටක දී මිනිස් ඉන්ද්‍රීයන්ට ගෝචර නොවන යම් යම් සංවේදන වෙනත් සත්ත්ව වර්ග වලට අරමුණු විය හැක.ඒ ඇතැම් මිනිස් ඉන්ද්‍රීයන්ට වඩා රූප,ශබ්ද,ගන්ධ,රස,ස්පර්ශ ආදී සංවේද ලබාගැනීමේ හැකියාව සහිත සියුම් ඉන්ද්‍රීයන් එකී සත්ත්ව වර්ගවලට ඇති හෙයිනි. නිදසුනක් ලෙස ශබ්දය ගමන් කරනුයේ තරංග ආයාම වලිනි.එහිදී තරංග ආයාමයේ උස්,පහත්බව දුර,සමීප බව ආදී දේඅනුව එම ශබ්ද තරංගයශ්‍රවණය කළහැකි සීමාව තීරණය වේ.මිනිස් කණට ශවණය වන ශබ්ද තරංගවල සීමාව නිශ්චිත අගයක් ගනී.ඊට වඩා අවම සංඛ්‍යාත ඇති ශබ්ද ශ්‍රවණය කිරීමේ පහසුකම් මිනිස් කණ සතුව නො මැත. නමුදු වවුලන් වැනි ෙවනත් සත්ත්ව විශේෂවලමේ හැකියාව මිනිසාට ද වඩා හොඳින් පිහිටා තිබේ. වවුලන්ගේ දෘශය සංජානනය (Visible Perception) දුබල ය. ඒ නිසා වවුලන් බාධක මඟහැර ගමන් කිරීමට භාවිතා කරනුයේ ශබ්ද සංජානනයි (Sound Perception). ධ්වනි තරංග නිකුත් කර ඒවා බාහිර වස්තු හා ගැටී යළි පරාවර්තිත එම තරංග ග්‍රහණය කිරීම වවුලන්ගේ සංජානන ක්‍රමවේදය යි. එම පරිවර්තිත ධ්වනි තරංග උපෙයෝගී කරගනිමින් වවුලන්ට කිසිවක නො ගැටී, බාධක මඟහැර පියෑඹීමට හැකියාව ලැබී තිබේ. සෙසු ඉන්දියයන්ගේ පවතින සංජානන දුබලතාව ජය ගැනීම සඳහා වවුලන් මෙසේ සාර්ථකව ශ්‍රව්‍ය සංජානනය උපෙයෝගී කර ගන්නා බව පැහැදිලි වේ.

 
උත්තධ්‍රැව ආසන්න බටහිර රටවල හිම කාන්තාරවල හදිසි අනතුරුවලට මුහුණ පා හිමෙන් වැසී ගොස් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමට ලක්වූ මිනිසුන් බේරා ගැනීමේ කටයුතු සඳහා යොදා ගන්නේ සුනඛයින් ය. සුනඛයින්ගේ ඉව නමින් හැඳින්වෙන සියුම් සංජානන හැකියාව මේ සඳහා භාවිතා වේ.ඉතා ඝනව ඇති මිදුණු හිම කදන්වලට යට වී මිහිදන්ව ඇති මිනිසුන් සිය ඉව භාවිතාකර සොයාගැනීමට තරම් සුනඛයින්ගේ සංජානන හැකියාව ප්‍රබල ය. මේ සංජානන හැකියාව මානවයා තුළ ඇති සංජානන හැකියාවට වඩා ඉදිරියෙන් සිටී. මානවයා සිය තාර්කික බුද්ධිය සංවර්ධනය කිරීමට පෙර මානවයාට ද මේ තියුණු ඉව එලෙස පිහිටා තිබිණ. නමුදු තාර්කික බුද්ධිය සංවර්ධනය වීමෙන් පසුව අනුක්‍රමයෙන් ඉව වියැකී යන්නට වි ය. නූතනයේ මිනිසුන් සංජානනය කරනුයේ යම් කිසි තාර්කික පදනමක් සහිතව ය. තර්ක බුද්ධිය යනුවෙන් අදහස් වනුයේ එය යි.  මේ තර්ක ක්‍රමවේද නිගාමී හා උද්ගාමී තර්කන ක්‍රමවේදය මත පදනම් ව තිබේ. නමුදු බුද්ධියේ සිදු වූ වර්ධනයත් සමඟ ම තාර්කික හැකියාවට අමතරව ඉන්ද්‍රීයන්ගෙන් පරිබාහිරව සිදුවන සංජානනයක් ඇති බවට නූතන පර්යේෂණ මඟින් හෙළිදරව් වී තිබේ. එඩ්ගා කේසිගේ පර්යේෂණ මේ අතර වැදගත් තැනක් ගනී.

මේ අනුව ඉන්ද්‍රීය අනුසාරයෙන් ලබා ගන්නා සංජානන ඉන්දීය සංජානන ලෙස ද ඉන්ද්‍රීයන් භාවිතා නො කර මානවයා විසින් සෘජුවම ලබා ගන්නා සංජානන අතීන්ද්‍රීය සංජානන ලෙස ද නම් කර තිබේ .මේ අතීන්ද්‍රීය සංජානනවලට බොහෝ සෙයින් ම මානවයාගේ මානසික හැකියාව ප්‍රධාන වේ. උත්පත්තියෙන් ම ඇතැමෙකුගේ මේ මානසික හැකියාව ප්‍රබල ව පිහිටා ඇත. සමහරු අභ්‍යාස තුළින් මේ හැකියාව ලබා ගනිති .එසේම එබඳු හැකියාව නිරන්තර පුහුණු ව තුළින් ද වර්ධනය කර ගනිති. සමථ හා විදර්ශනා භවනා මඟින් ද මේබඳු අතීන්ද්‍රීය මානසික හැකියාවන් වර්ධනය කරගනු ලබන ආකාරය පැහැදිලි කර දී තිබේ.මෙම අතීන්ද්‍රීය හැකියා වර්ධනය කරගැනීම මඟින් වෙනත් ඉන්දීයන්ගේ පවතින විවිධ ජීව විද්‍යාත්මක දුබලතා ඉක්මවා මනෝ ඉන්ද්‍රීය ක්‍රියාත්මක කළ හැකි බව පැහැදිලි වේ. මනෝ ඉන්ද්‍රීය මඟින් සංජානනය වීමේ දී කිසිදු මාධ්‍යයක් අවශ්‍ය නො වීම ද මෙහිදී කැපී පෙන්. ඕනෑ ම ඉන්ද්‍රීය සංජානනයක් ලැබීමේ දී කිසියම් මාධ්‍යයක් අවශ්‍ය ය. මෙහි මාධ්‍යයක් යනු සංජානනය වන අරමුණ, ඉන්දීය ස්පර්ශය හා ස්නායු තුළින් සම්ප්‍රේෂණය ගමන් ගැනීම සිදුවීමට අවශ්‍ය ජීවවිද්‍යාත්මක පසුබිම යි.මෙසේ මානසික සංජානනය සෘජු ව ලබාගත හැක්කේ මොළය විද්‍යුත් ක්‍රියාකාරීත්වය,රසායනික ද්‍රව්‍ය වල  හැසිරීම යනාදී සාධක ඉවහල් කර ගෙන ය. භාවනා වැඩීම මඟින් මොළයේ සාමාන්‍ය තත්ත්ව යටතේ අක්‍රියාකාරීව පවතින විවිධ කොටස් පවා ක්‍රියාකාරී බවට පත් වේ. අතිඉන්ද්‍රීය ශක්තිය අවධි කරගැනීමෙන් මොළය විද්‍යුත් සන්නිවේදන සංජානනයක් ඇති වේ .  එය සංවේද සම්පේ‍්‍රෂණයේ සාමාන්‍ය තත්ත්වයන්ට වඩා වෙනස් අවස්ථාවකි.


posted under | 3 Comments
Newer Posts Older Posts Home
2015 Copyright. Powered by Blogger.

Blog Archive

Popular Posts

    Total Pageviews

    Followers

    Translate


Recent Comments