#වෙළදාම
රැකියාවට තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට ඔහු කැදවනු ලැබීය.එහි දී ආයතනයේ ප්‍රධානියා
ඔහුගෙන් පැනයක් විමසුවේය.
"මිට කලින් ඔබ වෙළඳ සහායක රැකියාව කර තිබෙනවද?"
"ඔව් සර්, මම ඉන්දියාවේ දී මේ රැකියාව කර තිබෙනවා."
"හොඳයි, හෙට ඉදන් වැඩට එන්න පුළුවන්.හැබැයි තමුන් ගේ වැඩ ගැන බලන්න මම හෙට එනවා."
ඔහුගේ පළමු වැඩ දිනය ඉතා දිගු සහ වෙහෙසකාරී එකක් විය. සවස 06 වන විට ඔහු නොසිතු පරිදි ආයතනයේ ප්‍රධානියා ඔහු ඉදිරිපිට සිටගෙන සිටියේ ය.
"එහෙනම් කියමු බලන්න තමුන් අද දවසේ කොච්චර වෙළඳාම් කළාද කියලා."
"එකයි සර්...."
"මොනවා... දවසටම එක වෙළදාමක් විතරයි."ආයතන ප්‍රධානියාගේ මුහුණ අදුරු විය.
"නෑ නෑ ඒක නම් කොහෙත්ම වෙන්න බැහැ. මෙහේ ඉන්න හැම සේවකයෙක් ම දවසකට වෙළදාම් 20ක් වත් කරනවා. දැනගන්නවා... තමුන් ට මේ රස්සාව ඕනේ නම් දවසකට වෙළදාම් 20- 30 වත් කරන්න වෙනවා...."
ප්‍රධානියා කෝපයෙන් මොර දුන්නේය.
"හොදයි. පළවෙනි දවසේ නේ. වෙළදාමෙන් කොච්චර මුදලක් හොයා ගත්තද කියමු බලන්න."
"ස්ටලින් පවුම් 93,309,534/=ක් සර්." අලුත් සේවකයාගේ පිළිතුර විය.
"මොනවා එච්චර මුදලක්. ඒ කොහොමද එච්චර මුදලක් එක ගනුදෙනුවකින් හොයා ගත්තේ?"
"මගේ ළඟට ආවා එක්තරා මනුස්සයෙක්. ඔහුට ඕන වුනේ පුංච් බිලී කොක්කක් මිලට ගන්න. මම ඔහුට පුංචි බිලී කොකක් වෙනුවට විශාල බිලී කොක්කක් විකුණුවා. ඊට පස්සේ මාළු අල්ලන්න අවශ්‍ය කරන තංගුස් නුලකුත් විකුණුවා. මම ඊළගට ඔහුගෙන් ඇහුවා මාළු අල්ලන්න යන්නේ කොහෙද කියලා. එයා කිවුවා මුහුදේ කියලා. මම ඔහුට කිවුවා එකට බෝට්ටුවක් අවශ්‍යය බව. පස්සේ මම එයාව අපේ බෝට්ටු අංශයට එක්කරගෙන ගිහින් අඩි 20ක් දිග එන්ජින් දෙකේ බෝට්ටුවක් වික්කා.
ඔහුට තිබ්බේ වොක්ස්වගන් කාර් එකක්. මම ඔහුට කිවුවා මේ බෝට්ටුව නම් ඔහුගේ දැන් තියෙන කාර් එකට අදින්න බැරි බව. පසුව ඔහුව අපේ මෝටර් රථ අංශයට අරගෙන ගිහින් අලුත්ම වර්ගයේ ඩිලුක්ස් 4*4 කැබ් එකක් අලෙවි කළා.
එන ගමන් මම ඔහුගෙන් ඇහුවා මාළු අල්ලන්න ගිහින් නවතින්නේ කොහෙද කියලා. ඔහුට ඇත්තටම ඒ ගැන හිතන්න අමතක වෙලා. පස්සේ මම ඔහුව අපේ කුඩාරම් ඒකකයට එක්කරගෙන ගිහින් 60 දෙනෙකුට නිදාගන්න පුළුවන් අලුත්ම වර්ගයේ ඉග්ලු කුඩාරමක් අලෙවි කළා. පස්සේ එයාට ඕන කරන රාත්තල් 100 ක විතර ආහාරයි, බියර් කෙස් දෙකකුත් විකුණුවා."
ආයතන ප්‍රධානියා නවක සේවකයාගේ මේ කතාවෙන් පුදුමයෙන් පුදුමයට පත් ව අඩි දෙකක් පස්සට
ද විසි වී ගියේය.
"
එතකොට තමුන් මේ ඔක්කොම වික්කේ පුංචි බිලී කොක්කක් ගන්න අාපු කෙනෙකුට ද?"
"නැහැ සර්.. ඇත්තටම එයා අවේ එයාගේ බිරිඳට බෙහෙතක් ගෙනියන්න. ඉතින් මම ඔහුට කිවුවා, සර් ඔයාගේ මුළු සති අන්තෙම සවුත්තු වෙලා වගේ , හොඳ නැද්ද මාළු අල්ලන්න ගියොත් කියලා.
3 comments:
maru (Y)
don't give up........
Post a Comment