
සරල ආදරය සැමවිටම සුන්දරයි. දුෂ්කර ජීවන ගමනේ මිනිසාගේ ළගින්ම සිටිනා පාපැදි මිතුරා පසෙකින් තබා සොබාදහමේ සිරියහන් ගබඩාව වූ ඒ සුන්දර හරිත යහනෙහි සැතපෙමින් , ගැහෙන ආදර ලේ ධාතුව සහිත සිය හදවත් ගැස්ම පාලනය කරමින් සිය හදවත් යුග්මය එකිනෙකාට සිරකරගනිමින් තුරුළුව සිටින්නට, මොහොතක් හෝ තම ආදරය කරන්නාගේ උණුසුම ලබන්නට නොකැමැති ලොව කුමන රටක සිටිනා ආදරවන්තයින් දැයි කියනු මැන..........
තුරු ලතාවන් සරා මල් විසිරෙන්නා සේ තරුණ හදවත් පුරා ආදර මල් නොපිපෙන්නේ ලොව කුමන ජාතියක සිටිනා ආදරවන්තයින්ගේ දැයි කියනු මැන.......
බෙදුමවාදය උස් බිම් විනාශ කරමින් පොළෝ තලය යහනක් කර අහස තලය වියනක් කර සිත් පුරා ආදරය විදින්නට අකමැති කුමන ගෝත්රය ආදරවන්තයින් දැයි කියනු මැන..........
රජකම්, වස්තුව. පුජක ඇදුම් විසිකර දමා ආදරය සොයා යන පෙම්වතුම් දකින්නට නොලැබෙන්නේ කුමන කුලයක ආදරවන්තයින් දැයි කියනු මැන..........
ආදරය නම් පාලමේන් ලොවපුරා සිටිනා ආදරවන්තයින් ජාති, කුල, ගෝත්ර, ආගම් එකට යා කිරීම නැවැත්විය හැක්කේ කා හටදැයි කියනු මැන.........
0 comments:
Post a Comment