ඔළුවක් නැති උන් වෙසෙන රටේ
මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඬමි
පා යුග නැති වුන් වෙසෙන රටේ
කුසගින්නට කිරි ඉල්ලා නොහඬමි
ඉදුල් බතට පොර වදින රටේ
ගත සරසන්නට සළු පිළි කුමටද
වැරහැලි නැති උන් වෙසෙන රටේ
සවිදිය පුරනට මධුවිත කුමටද
දහසක් මවිවරු දරුවන් ඉල්ලා අඬන රටේ
බණක් අහන්නට පන්සල කුමටද
වැඩි බණ කියනා මෙහෙව් රටේ
අඳ ගොළු බිහිරන් වී අපි කුමටද
ඔළුවක් නැති උන් වෙසෙන රටේ
0 comments:
Post a Comment